සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කරන්න ජවිපෙ වැඩ


(2009 ඔක්තෝබර්  13 - W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා උර දීමේ වගකීම භාර ගැනීමට ජවිපෙ සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 


දැනට රාජපක්ෂ පාලනයේ කැපිල්ලට ලක් වී ඇති බව පැවසෙන සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ කොන්දේසිය ඔහුට පැනවිමට ජවිපෙ අදහස් කරන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, ෆොන්සේකා ජනරාල්වරයා මේ දක්වා මේ පිළිබඳව සිය අදහස් පළ කර නැත. පසුගියදා ඔහු ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබූ අතර මේ දක්වා ඔහු එම තනතුර භාරගෙන හෝ ප්‍රතික්ෂේප කර නැත.


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ කොන්දේසිය පිට පොදු අපේක්ෂකයකු ලෙස ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරී‍ම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහාය ලැබෙමින් ඇති බව වාර්තා වේ.

Comments

  1. ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම්??

    හපලා හපලා අන්තිමට කින්ඩියකුත් දාන්න යනවද කොහෙද? අනේ මන්ද.

    ReplyDelete
  2. ඇත්තටම මේකෙන් නම් ඡවිපෙ සහොදරයෝ වරද්ද ගන්න එකක් නෑ..

    ReplyDelete
  3. @චමිල,
    ඒක තමා. ඒ මදිවට අනූරයා කියන්නේ ඒක උසස් තනතුරක්ලු.

    අනේ මන්ද කාලේ වන වාසේ කිව්වලු.

    ReplyDelete
  4. janmadya amathi Anura priyadarshana yapa ........

    ReplyDelete
  5. ජවිපෙ ඉල්ලං කන්න පුදුම අමාරුවක් තියෙන්නේ...චන්ද්‍රකාට වඩා කෙලෙව්වා මහින්ද, මහින්දට වඩා හපං සරත්.

    ReplyDelete
  6. meka thavath kata kathavak withrai vennethi, dan tika kalekata kalin JVP eken Sarath N Silva illanava kiyalath kiwwa

    ReplyDelete
  7. ජනාධිපතිවරණෙ ගැන තාම කියන්න බෑ.මොනා වුනත් මේ කරන වැඩේ අන්තිම පහත් වැඩක්.ලංකාවේ හිටපු බිහිසුණුම ත්‍රස්තවාදියෙක් වුණ "කරුණා අම්මාන් " විනයාගමූර්ති මුරලිදරන් අමාත්‍යවරයා වෙලා.අවුරුදු 30ක ත්‍රස්කවාදය පරාජය කරපු ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයා විනෝද කටයුතු අමාත්‍යාංශේ ලේකම් වෙලා.
    දැන්වත් ලංකාවේ මිනිස්සු "රාජපක්ෂ සමාගම" ගැන කේරුම් ගත්තොත් ලොකු දෙයක්.

    ReplyDelete
  8. Not a good idea.
    JVP should understand that they can't win an election even with Sarath Fonseka. And I personally don't think Sarath Fonseka should be president.
    The best thing JVP should do is act like they are responsible main stream political party without going after presidential election votes.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා