බම්බලපිටියේදී මානසික රෝගියා ප්‍රසිද්ධියේ මැරුවේ දිමුතු ලු


(2009 ඔස්තෝබර් 31 - W3Lanka) බම්බලපිටියේදී බොහෝ දෙනා‍ගේ ඇස් ඉදිරිපිට හා රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට මුහුදට බැස මානසික රෝගියකුට පොලු පහර දී ඔහු වතුරේ ගිල්වා මරා දැමූ බවට සැක කරන පොලිස් නිලධාරියා අංක 47749 දරණ දිමුතු නමැති අයෙකු බව ලංකාදීප පුවත්පත පවසයි.


ලංකාදීප පුවත්පත මෙම පුද්ගලයා හඳුන්වා ඇත්තේ අළු‍ගෝසුවා ‍යනුවෙන්. ලංකාවේ පවතින නීතිය අනුව යම් සැකරුවකු වරදකරුවකු බව ඔප්පු වනතුරු ඔහු නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකිය යුතු හෙයින් මෙවැනි මාධ්‍ය භාවිතයක් නිවැරදි යයි කිව නො හැකිය. 

කෙසේ වෙතත්, අපරාධ සැකකරුවන්ගේ පමණක් නොව ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන්ගේ නම් පවා යම් යම් කාරණා මත අනවශ්‍ය පරිදි මාධ්‍යවලින් හෙළිදරව් කර එම පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් අපහසුවට ලක් කිරීම සාමාන්‍ය පිළිවෙතක් බවට පත් කරගෙන සිටින පොලිසියට එහි බරපතලකම දැන්වත් වැටහේදැයි අපි නො දනිමු.

බම්බලපිටිය පොලිසියේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා ඊ‍යේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ අතර, ඔහුගේ අපරාධ සහායකයා හඳුනා ගැනීම සඳහා වීඩියෝ පටය අධ්‍යයනය කරමින් ඇති බව වාර්තා වේ. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට ධාවනය වන දුම්රියට හා වාහනවලට ගල් මුල්වලින් පහර දෙන තරුණයකු පිළිබඳ සෙවීම පිණිස ගිය පොලිස් පිරිසේ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරු තිදෙනෙකු සිට ඇත. ඔවුහු පැය කාලක් පමණ තිස්සේ මෙම තරුණයා‍ට ගොඩට එන්නට නොදී පොලුවලින් ගසමින් වධ දී තිබේ.



වීඩියෝ සාක්කියක් පදනම් කරගෙන මීට පෙර 2004 දෙසැම්බර් 26 දින සුනාමි අවස්ථාවේදී ගාල්ල බස් නැවතුම්පොළේදී කාන්තාවකගේ මාලයක් කඩාගෙන ඇය මරා දැමූ පිරිසක් වැරදිකරුවන් බවට පත් කෙරිණි. එය මිනිය හඳුනාගැනීමකින් හෝ මරණ පරීක්ෂණයකින් හෝ තොරව මිනීමැරුමක් ඔප්පු වූ පළමු අවස්ථාවයි. 


බම්බලපිටියේදී ඝාතනයට ලක් ව ඇත්තේ බාලවර්ණන් සිවකුමාර් නමැති 26 හැවිරිදි මානසික රෝගියකු වන අතර ඔහුගේ මළ සිරුර සහෝදරයකු විසින් හඳුනාගෙන ඇත. ඔහුගේ මළසිරුර ඊයේ දහවල් නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.




Comments

  1. මූටත් පොලු පාරවල් දීල මූදෙ ගිල්ලල දැම්මනං හරි.

    ReplyDelete
  2. මේ ලංකාදීපයේ මාධ්‍ය සදාචාරයේ තරම තමා. ලංකාදීපයම මුලින්ම මේ සිද්ධිය වාර්තා කළේ කෝච්චියට ගල් ගැසූ පුද්ගලයකු මුහුදට පැන පැයක් පමණ වෙලා පීන පීනා සිටියදී මිය ගියා කියලා.

    ReplyDelete
  3. ඔය මිනිහ අපි ගියපු වාහනේටත් ගල් ගැහුව, වෙලාවට වැදුනෙ නෑ...
    පරක්‍කු වෙන නිසා අපි ගියා.. සිද්ධිය දැක්කෙ නෑ..

    ReplyDelete
  4. dude! in America and Britain and such other horrible horrible places, you are innocent until proven guilty, but in Sri Lanka, Italy and other places, you are guilty until proven innocent.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා