එ.ජා. මානව හිමිකම් කොමිෂමෙන්, ඇමරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ලංකාවට අනතුරු ඇඟවීම්

(2009 ඔක්තෝබර්  24 - W3Lanka) ලංකාවේ යුද අපරාධ සිදු වී ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඊශ්‍රායලයේ ගාසාහි පසුගිය වසරේ සිදු වූ ප්‍රහාරවලදී සිදු වූ මානව හිමිකම් කඩවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය වැනි පියවරක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ ප්‍රකාශක රූපට් කොල්විල් පවසයි.


ඔහු මෙම ප්‍රකාශය කළේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කොංග්‍රසය වෙත භාර දෙන ලද වාර්තාවක යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ යුද අපරාධ පිළිබඳව මතු කර දැක්වීමෙන් දිනකට පසුවයි. රජයේ හමුදා සිවිල් වැසියන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හා කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව එහි සඳහන් වේ. 


ඊට දින කීපයකට පෙර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම් ඩග්ලස් ඇලෙක්සැන්ඩර් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලංකාවට ලබා දීම හා අදාළව නිකුත් කර තිබෙන වාර්තාවේ සොයාගැනීම්වලට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්ති අනුව කටයුතු කරන ලෙසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා