ඉල්ලීම් දිනා නො ගෙන ම සාර්ථක තෙල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉවරයි

(2009 ඔක්තෝබර්  26 - W3Lanka) ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් විසින් දියත් කරන ලද අකුරට වැඩ කිරීම නිසා මේ වන විට රටපුරා ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට නියමිතව බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඩී. ජේ. රාජකරුණා පවසයි.


එහෙත් තෙල් සංස්ථා සේවකයන්ගේ ඉල්ලීම වූ තමන්ට දීමට එකඟ වී තිබෙන වැටුප් වැඩිවීම ලැබී ඇති බවක් දැනගන්නට නැත. අද දින ජනාධිපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එහෙත් මේ පිළිබඳව තමන්ට නිල වශයෙන් දැනුම් දී නැති බවක් ද වෘත්තීය සමිති පවසති. ඉදිරි සති කීපය තුළදී යෝජිත සේවක වැටුප් වැඩිවීම නොකළහොත් ලංකාවිදුලි බල මණ්ඩලය, වරාය හා ජලපවාහන මණ්ඩලය ඇතුළු ආයතනවල වෘත්තීය සමිති සමග ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන බව රාජකරුණා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.


මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් අසෝක තෝරදෙණිය දිනමිණට කියා ඇත්තේ අද (26) උදේ 8.30 වනවිට සියලුම සේවකයින් රාජකාරියට වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් එසේ සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා