විශිෂ්ඨතම දේශීය ඉ - අන්තර්ගතයන් සදහා ජාතික සම්මාන ‘ඉ- ස්වාභිමානී ’


(2009 ඔක්තෝබර්  23 - W3Lanka) විශිෂ්ඨතම දේශීය ඉ - අන්තර්ගතයන් සදහා ජාතික සම්මාන ප්‍රදානය ‘ඉ- ස්වාභිමානී 2009’ නොවැම්බර් මාසයේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

නිර්මාණශීලි තොරතුරු තාක්ෂණ යෙදවුම් ප්‍රචලිත කිරීම සදහා එවැනි යෙදවුම් නිර්මාණය කල පුද්ගලයින් සහ ආයතන ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම ‘ඉ- ස්වාභිමානී 2009’ සම්මාන උළෙලේ අරමුණයි.

ඒ අනුව පොදු ජන සමාජයට වැඩදායක තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් සහ තොරතුරු තාක්ෂණ යෙදවුම් නිර්මාණය කර ඇති පිරිස් වලට මෙම ඉ- සමාජ විශිෂ්ඨතා සම්මාන පිරිනැමේ.
මේ සදහා අයදුම්පත් 200කට අධික ප්‍රමාණයක් ලැබී තිබු අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් එම නිර්මාණයන් විනිශ්චය කෙරිණි.

Comments

  1. මේ වගේ දෙයක් ඉතාම අවශ්‍යයි කියලයි මම හිතන්නෙ, ඒව මේව, අදහස් උදහස්, ලිය ලියා ඉන්නවට වඩා, නොවැදගත් දේවල් කර කර ඉන්නවට වඩා, සමාජයට වැදගත්, ප්‍රයෝජනවත් වන දේවල් කිරීමයි කළ යුත්තේ. මෙවැනි දේවල් නිසා ඒ පැත්තට කිහිප දෙනෙක් හරි පෙළඹෙනව වගේම ඒකෙන් රටටත් සෙතක් වෙනවා.
    හැබැයි 200 නම් ටිකක් මදි වගේ, ඒත් එක අතකින් හිතුවොත්, ඒ ගානත් හුඟාක්ම ලොකු ප්‍රමානයක්.

    ReplyDelete
  2. @ madhawa
    අදහස් සමාජයට ප්‍රයෝජනවත් නැති දෙයක්ද ?
    දොඩව දොඩව විතරක් ඉන එක නෙවෙයි, නමුත් අදහස් කියනදේ, අදහස් ප්‍රකාශ කිරීම තමයි සමාජ ප්‍රගමනයේ මුල

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා