මහ බැංකුව ජී.එස්.පී. ප්ලස් මිදි ඇඹුල බව පවසයි.



(2009 ඔක්තෝබර්  22 - W3Lanka) ලංකාව යුරෝපයට කරන අපනයනවලින් ජී.එස්.පී. ප්ලස් බදු සහන හිමි වන්නේ 1.4%ක පමණ සුළු ප්‍රතිශතයකට නිසා මෙම බදු සහන අහිමි වීම ලංකාවේ අපනයන කෙරෙහි බල නො පාන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් 20දා පැවසීය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


"According to the European Commission’s estimate, the total value of benefits in terms of lower import duties under the GSP+ scheme for the year 2008 was euro 78 million which is only 1.4 per cent of Sri Lanka’s total exports in the same year.
Therefore, the loss of preferential duty margin by around 6 to 7 percent arising from a potential withdrawal of the GSP plus facility is not expected to have an adverse impact on Sri Lanka’s exports." 

ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයෝ පවසති. 

බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා