ඕස්ට්‍රේලියාවට පළා යද්දී අසු වූ ලාංකික සරණාගතයෝ ඉන්දුනීසියාවට ගොඩබැසීම ප්‍රතික්ෂේප කරති


(2009 ඔස්තෝබර් 31 - W3Lankaඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී එරට නාවික හමුදාව විසින් සුමාත්‍රා දිවයින අසලදී දින 10කට පෙර අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව වෙත එවා තිබෙන ශ්‍රී ලාංකික සරණාගතයන් 78දෙනා ඔවුන් දැනට සිටින Oceanic Viking ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කර වෛද්‍ය ප්‍රතිකාර පවා එපා කියමින් තමන් ඉන්දුනීසියාවේ රැඳවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාති.

මෙම සරණාගත පිරිස දැන් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් හා ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන්බැන් අතර ගිවිසුමක් අනුව මෙම පිරිස ඉන්දුනීසියාවේ රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත්තේ ඒ හරහා ඉන්දුනීසියාවේ සිරගෙවල්වල කටුක තත්වයන් හේතුවෙන් මෙවැනි සංක්‍රමණ අධෛර්යය කිරීමේ බලාපොරොත්තුවෙනි.



එහෙත් දැන් ඉන්දුනීසියාවෙන් ද මෙම පිරිස භාර ගැනීම ප්‍රතික්ෂේප වෙමින් ඇති අතර ඔවුන් භාර ගැනීමට එරෙහිව එරට උද්ඝෝෂණ ද පවතී.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා