ටිගෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විකිණේ


(2009 ඔක්තෝබර්  19 - W3Lanka) එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි පදනම් කර ගත් Etisalat හෙවත් Emirates Telecommunications Corp. විසින් ලංකාවේ දෙවන විශාලතම ජංගම දුරකථන ජාලය වන ටිගෝ මිළ දී ගෙන තිබේ. ටිගෝ ලකාවේ ජංගම දුරකථන සේවා වෙළඳපොළෙන් 21%ක හිමිකරුවා ය. 

මිළ ඩොලර් මිලියන 207කි. තමන් ටිගෝ මිළ දී ගන්නා බවට එයාටෙල් ද කයිය ගසමින් සිටියේය.


ලංකාවේ මුල් ම ජංගම දුරකථන සමාගම වූ සෙල්ටෙල් පසුව ටිගෝ බවට පත් වූ අතර එහි හිමිකරු

වූයේ ලක්සම්බර්ග් පදනම් කර ගත් මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමටයි. 


Etisalat සමාගම සතුව ආසියානු කලාපයේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව හා

ඉන්දියාව යන රටවල ආයෝජන ඇති සමාගමකි.

Comments

  1. .......විසින් ලංකාවේ දෙවන විශාලතම ජංගම දුරකථන ජාලය වන ටිගෝ මිළ දී ගෙන තිබේ. ......
    1 ටයි 3ටයි ඉන්නෙ කව්ද කියල දැනගන්න පුළුවන්ද?

    ReplyDelete
  2. පහන්, මෙතැන පොඩි වැරදීමක් තිබෙනවා. ටිගෝ දෙවැනි විශාලතම ජංගම දුරකථන ජාලය නොවෙයි.
    1. ඩයලොග්
    2. මොබිටෙල්
    3. ටිගෝ

    ReplyDelete
  3. ඔය සේවා සපයන්නන් ගනං කියන්නේ disconnect වෙච්ච සිම් ගණනත් ඇතුළුව. ඒ නිසා විශාලතම ජාලය මොකද්ද කියල හරියටම කියන්න අමාරුයි නේද?

    ReplyDelete
  4. ලංකාවේ මොබයිල් යූස් කරන හැම කෙනෙක් ලගම හැම දුරකථන සමාගමකම සිම් කාඩ් 2 ක් 3ක් අනිවාරෙන් තියනව. මේ දිනවල නිකනුත් දෙනව. ඒ විදියට පියකරපු ගානෙන් නේද මේ අය 1-2-3 කප් ගහගන තියෙන්නෙ

    ReplyDelete
  5. කොහොම උනත් "හුළං ටෙල්" තරං අනිත්වා චාටර් නැහැ.

    ReplyDelete
  6. Ane man gaawa nam thibbe dialog sim ekak witharai. Ekath unta aadareta newei Number eka full sira nisa :)
    Kohomath oya indian services ohomama thama...sadde witahrai..weda ne (ape jeppo wage) hik hik

    ReplyDelete
  7. Ethakota Apita mokada wenne...

    ReplyDelete
  8. අපිට නං මොබිටෙල් තමයි. නෙට්වක් එක සමහර වෙලාවට ටිකක් අවුල් උනත් උන්ගෙ ගාණ ශේප්. එටිසලාට් කස්ටමර් සර්විස් එකට සල්ලිත් ගන්නවනේ. මොබිටෙල් කස්ටම සර්විස් එක නං හොඳයි. වෙන වැඩක් නැතත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා