ඉන්දියාව මාඕවාදීන් වැනසීමට ලංකාවේ වැනි ප‍්‍රහාරයකට සැරසේ


(2009 ඔක්තෝබර්  21 - W3Lanka) ඉන්දීය රජය එරට මාඕවාදී කැරැලිකරුවන්ට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් සූදානම් කරමින් සිටින අතර, රතු කොරිඩෝව නමින් ප‍්‍රකට මාඕවාදී ආධිපත්‍යය සහිත නැගෙනහිර ඉන්දියාවේ හෙළිදරව් නො කළ වනාන්තරයක සිට  ඕපන් නම් සතිපතා සඟරාවට ප‍්‍රකාශයක් කරන මුපල්ලා ලක්ෂ්මන් රාඕ හෙවත් ගණපති නම් මාඕවාදී නායකයා පවසන්නේ රජයේ හමුදා මුලදී යම් ජයග‍්‍රහණ අත්පත් කර ගත හැකි මුත් ඒවා දිගට නො පවතින බවයි. ප‍්‍රචණ්ඩත්වයේ කුණාටුවක් මුදා හරින බව ද ඔහු පවසයි.

චතිස්ගාර්, ජාර්කාන්ද්, බිහාර් හා බටහිර බෙංගාලයේ කොටස් ඇතුළත් මෙම රතු කොරිඩෝව දකුණින් ඔරිස්සා, මහාරාෂට‍්‍ර හා ආන්ද්‍රා ප‍්‍රදේශ් වෙත ද දිවෙයි.


නොවැම්බරයේදී පොලිස් හා හමුදා බල සේනා දස දහස් ගණනක් සමග දියත් කිරීමට සැලසුම් කර තිබෙන මෙම ප‍්‍රහාරවලට එරෙහිව ජනතාව තම පක්ෂයේ නායකත්වයෙන් නැඟී සිටින බව ගණපති පවසයි. පනස් නව හැවිරිදි ගණපති හිටපු පාසල් ගුරුවරයෙකි.


1967දී ගැමි ගොවි නැඟිටීමක් ලෙස ආරම්භ වූ මා ඕවාදී කැරැල්ලේ අරමුණු ගැමි ගොවි හා ගෝත‍්‍රික ජනයාගේ හිමිකම් දිනා ගැනීම බව කැරැලි නායකත්වය පෙන්වා දෙයි. මා ඕවාදී කැරැල්ල හා සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් මේ වසරේ පමණක් 600ක් දෙනා මිය ගියහ. ඒ අතර මා ඕවාදී නායකයෝ හා පොලිස්, හමුදා භට පිරිස් හා දේශපාලනඥයෝ වෙති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා