අත්අඩංගුවට ගත් ලංකා කර්තෘ නිදහස්



(2009 ඔක්තෝබර්  18 - W3Lankaජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩගුවට ගන්නා ලදී. තෙපැයකට වඩා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නිදහස් කර ඇත.


මෙවර ලංකා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වන "ජනරාල් ‍ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව යුද ප්‍රකාශ කරයි " යන ශීර්ෂය යටතේ පළවූ ලිපියේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

රජය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ගැටුමක් පවතින බවට රට පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යන බව හා මේ දිනවල ඇතැම් මාධ්‍ය මගින් සහ වෙබ් අඩවි මගින් රටපුරා ගෙන යන මේ ප්‍රචාරය සත්‍යයෙන් තොර බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මේ පිළිබඳව කරුණු දැක්වීම සඳහා 16දා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

Comments

  1. ඇයි යකෝ ආණ්ඩුව මොන බලු වැ‍ඩේ කලත් නැට්ට වනන්න ඕනිද? ආණ්ඩුවට විරුද්ධව වචනයක්වත් කතා කරනවට ඔය තරම් බය ඇයි. මහරජතුමා උදහස් වෙන්නෙ ඇයි. තමන්ටත් සහෝදර යුව රජවරුන්ටත් රජ සැප අහිමි වෙයි කියලද? මේ ර‍ටේ පොන්න ජනතාවට ජයවේවා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා