ස්ටෙෆානිගේ හදවත


(2009 ඔස්තෝබර් 31 - W3Lankaස්ටෙෆානිගේ හදවත නම් අලූතෙන් ම නිකුත් වන වාර්තා චිත‍්‍රපටයට පාදක වන්නේ අදින් වසර 25කට පෙර ඔක්තෝබරයක කැලිෆෝනියාවේ උපන් දරුවකුගේ කතාවකි. ෆේ බබා ලෙස පමණක් එදා හැඳින්වුණ ඇය උපන්නේ හයිපොප්ලාස්ටික් වම් හදවත් සින්ඩ්‍රෝමය නම් රෝගී තත්වයක් ඇතිවයි. එවැනි දරුවන් මිය යාම නියත ය.

එහෙත් දරුවාගේ වෛද්‍යවරයා වූ ලෝමා ලින්ඩා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ශල්‍ය වෛද්‍ය ලෙනාඞ් බේලි දරුවාට සත්ව හදවතක් බද්ධ කිරීමට තීරණය කළේය. හදවත් බද්ධය සාර්ථකව සිදු විය. හදවත බැබුන් සත්වයකුගේ ය. එය සොයා ගත්තේ කොහෙන් ද? බේලි රෝහල් පර්යේෂණ ස`දහා සිටි බැබුන් ධෙනුවක මරා හදවත දරුවාට බද්ධ කිරීම එදා වෛද්‍ය සදාචාරය හා සත්ව අයිතිවාසිකම් පිළිබ`ද මහා සංවාදයකට තුඩු දුන්නේ ය.


ෆේ බබා ජීවත් වූයේ දින 21ක් පමණි. එදා ඇය හඳන්වනු ලැබුවේ ෆේ බබා යන අන්වර්ථ නමින් වුවත් දැන් ඇගේ තතු පසුව හෙළිදරව් විය. ඇය ස්ටෙෆානි ය. (Stephanie Fae Beauclair)


දැන් ස්ටෙෆානි වැනි දරුවන්ට මිනිස් හදවත් ම බද්ධ කිරීමේ හැකියාව වෛද්‍ය විද්‍යාව විසින් අත් කරගෙන තිබේ.


ස්ටෙෆානිගේ හදවත වාර්තා චිත්‍රපටයේ ට්‍රේලරය බලන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා