දකුණ තනිකර සිංහල පිරිමි පළාත් සභාවක්


(2009 ඔක්තෝබර්  15 - W3Lanka) පසුගිය මැතිවරණයෙන් තේරී පත් වී සිටින දකුණු පළාත් සභාව තනිකර සිංහල හා අනර්කලී ආකර්ශා හැර අන් කිසිදු කාන්තා නියෝජනයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහල, පිරිමි ආධිපත්‍යයෙන් යුත් පළාත් සභාවකි.

ගාල්ල, හම්බන්තොට වැනි විශාල මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ප්‍රදේශ තිබුණත් දකුණු පළාත් සභාවේ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයකු තේරී පත් වී නැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගාල්ල හා මාතර දිස්ත්‍රික් සඳහා වෙන ම තරග කිරීම හා ප්‍රධාන පක්ෂ මුස්ලිම් අපේක්ෂකයින්ට වැඩි ඉඩක් නො දීම මෙම තත්වයට හේතුවයි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ 3.6%ක් ද, මාතර 3%ක් හා හම්බන්තොට 2.5%ක් මුස්ලිම් ජනයා වෙසෙති.

සුළු දෙමළ ජනගහණයක් ද දකුණු පළාතේ විසිර ජිවත් වෙති. ඔවුන්ට ද පළාත් සභාවේ නියෝජනයක් නැත.

Comments

  1. ekath hodai anarkali witharane inne.............

    ReplyDelete
  2. යකෝ උඹට %&#^$අමාරුද මුස්ලිම් එවුං නැති එකට‍ තෝ දාගෙන ඉන්න ලංකා කෑල්ලටත් අවනම්බු කරන්න එපා."ප්‍රධාන පක්ෂ මුස්ලිම් අපේක්ෂකයින්ට වැඩි ඉඩක් නො දීම මෙම තත්වයට හේතුවයි" ඒ කියන්නේ දැංවත් රජයටතේරිලා මුං ගැන

    ReplyDelete
  3. sanxy මේ රටේ ජාතීන් අතර සමගියක් ගොඩනැඟිය නො හැක්කේ ඔබ වැනි උම්මත්තකයන් නිසායි. අප දමාගෙන තිබෙන ලංකා කෑල්ලට සිංහල පමණක් නොව දෙමළ, මුස්ලිම් අයත් අඩංගුයි. ඔබ වැනි ගොබ්බයන් සිටින තාක් කල් රජයන්ට නුවණ පහළ වන්නේ නැත.

    ReplyDelete
  4. ඒ කියන්නෙ මුස්ලිම් ජනතාව අතර හොරු,මංකොල්ලකාරයෝ,මිනීමරුවො,පාතාල‍යෝ,කසිප්පු කුඩු මුදලාලිලා අඩුද දකුණ පැත්තේ ප්‍රධාන පක්ෂ අපේක්ෂකත්වය මුස්ලිම් අයට නොදුන්නෙ. එහෙම අයට විතරනෙ ඒ පක්ෂ වල අපේක්ෂකත්වය දෙන්නෙ.

    දියරකුස්

    ReplyDelete
  5. මහත්තයෝ, පාර්ලිමේන්තුවෙ මුස්ලිම් මන්ත්‍රීවරු / ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද හැබෑට?

    ReplyDelete
  6. මෙතන කිසිම ගැටළුවක් නෑ. ඡන්දෙ ඉල්ලපු අයට මිනිස්සු ඡන්දෙ නොදුන්න නම් ආණ්ඩුව මොනා කරන්නද? අපි මොනා කරන්න? අනික ඔයා හිතන්නේ මිනිස්සු ඡන්දෙ දෙන හැටි ආණ්ඩුවට පාලනේ කරන්න පුළුවන් කියලද?

    මෙතන ගැටළුවක් ඇති වෙන්න තිබ්බේ සිංහල හැර වෙනත් ජාතීන්ට සහ බෞද්ධ හැර වෙනත් ආගමිකයන්ට නාමයෝජනා බාර දෙන්න අවස්ථාව නොදුන්නා නම් විතරයි.

    තවත් ප්‍රශ්නයක් තියනවා, වෙනත් ආගම් ජාතීන්ගේ අය පළාත්සභාවට ඇවිත් නැත්තේ අඩුම ගණනේ ඒ ජාතිකයින් සහ ආගමිකයන් වත් ඔවුනට මනාප නොදුන් නිසා නොවේද?

    ReplyDelete
  7. සියයට තුනක් පමණ වන ජන ප්‍රජාවකට මන්ත්‍රීන් 55ක් සිටින පළාත් සභාවේ ආසන එකක් හෝ ලැබිය යුතු නේද? මතක තබා ගන්න පළාත් සභා ගෙනාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස බව.

    ReplyDelete
  8. Ane yako....Uthure Sinhala ekek manthree newei...idamak aran geyak hadan innawada..
    Oya wage balu katha kiyala nethi prashna mawanna hadanna epa. Thopita wele wel nethi unaata

    ReplyDelete
  9. garuka, උතුරේ සිටින සිංහල මිනිසුන්ට නියෝජනයක් නැති නම් එයත් ප්‍රශ්නයක් තමයි. උතුරේ පදිංචිව සිටි මිනිස්සු හා පදිංචි වන්නට කැමති ඔබ වැනි මිනිසුන්ට අවස්ථාව දිය යුතු ය යන ස්ථාවරයේ අප ද ඉන්නවා. උතුරු පළාතේ ප්‍රධාන ම පුරවැසියා වන ආණ්ඩුකාරවරයා සිංහලයෙකු බව නො දැන සිටීම කණගාටුදායකයි. එපමණක් නො වෙයි, අද උතුර පාලනය කරන හමුදාවල 99.99%ක් ම සිංහල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා