මෙවැනි ගිනස් වාර්තා පිහිටුවීම වීරකමක්ද?


(2009 ඔක්තෝබර්  19 - W3Lanka) අඟල් පහක් දිග යකඩ ඇණ 522ක් ගැසූ ලෑල්ලක වැතිරී කිලෝ 618ක කොන්ක්‍රීට් තහඩු 13ක් එකවර තිදෙනකු ලවා කුළුගෙඩි වලින් බිඳ දමමින් අනුරාධපුරයේ වසන්ත සොයිසා නම් ගිනස් වාර්තා ලෝලියා තවත් ගිනස් වාර්තාවක් පිහිටුවන ආකාරය ලංකාදීප පුවත්පතේ පළ වූ මෙම ඡායාරූපයෙන් දැක්වේ. 

ජනමාධ්‍ය විසින් මෙවැනි ක්‍රියා වීරත්වයට නැඟීම හේතුවෙන් තවත් මෙවැනි අසාමාන්‍ය ක්‍රියාවලට මිනිස්සු පෙළඹෙති.


විශ්ව කීර්තියට පත් වීමට කැමති මෙවැනි පුද්ගලයන්ට යම් පිළිගත් ක්‍රීඩාවක් ඔස්සේ තම දක්ෂකම් විදහා දැක්වීමට අවස්ථාවක් නැති වීම හේතුවෙන් මේ අන්දමේ අවදානම් සහගත, ස්වයං හිංසාකාරී ක්‍රියා ඔස්සේ ඉතිහාසගත වීමට උත්සාහ දරනු දක්නට ලැබේ. 


මේ පුද්ගලයන්ගේ මානසික, ශාරීරික
සෞඛ්‍යයට හා ජීවිතයට මෙම ක්‍රියා කෙසේ බලපානු ඇද්ද යන්න කිසිවෙක් නො දනිති. 

මේවා ක්‍රීඩා නොවේ. යම් යම් අසාමාන්‍ය ක්‍රියායි. දියුණු සමාජයක මිනිසුන් වාර්තා ගත වීම පිණිස මෙවැනි ක්‍රියාවලට නො පෙළඹිය යුතු යයි අපි සිතමු. මෙම සමාජ ගැටළුව කෙරෙහි ඔබේ අවධානය යොමු විය යුතු නේද?

Comments

  1. ඕක ගිනස් පොත නෙමේ ගොන්නුංගෙ පොත

    ReplyDelete
  2. මට නම් මේක සමාජ ගැටළුවක් ලෙස පේන්නේ නැහැ. ඕනෑම රටක මෙවැනි අවදානම් සහගත ක්‍රියා කිරීමට පෙළඹෙන මිනිසුන් ඉන්නවා. ඒ වාගේම ඉතාම සාර්ථක ලෙසින් මෙවැනි ක්‍රියා කරනු ලබන පුද්ගලයින් ද සිටිනවා. එවැනි ක්‍රියා අවදානම් සහගත වුවත් මට නම් හිතෙන්නේ එය එම පුද්ගලයා සතුව ඇති දුර්ලභ ගණයේ හැකියාවක් කියලයි.
    ඔබ මෙහි සඳහන් කරලා තියෙනවා "දියුණු සමාජයක මිනිසුන් වාර්තාගත වීම පිණිස මෙවැනි ක්‍රියා වලට නොපෙලඹිය යුතු" බව. ඒ වාගේම අනෙක් මිනිසුන් මෙවැනි ක්‍රියා වලට පෙළඹිය හැකි බව. සමාජයක් දියුනු වෙන්නේ ඒ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ බුද්ධි මට්ටම දියුණු වූ විටයි. ඉතින් අපි ඉන්නේ දියුණු සමාජයක නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ තේරුම් බේරුම් කර ගන්න. ඒ නිසා කෙනෙක් යමක් කල පලියට ඒක අනුගමනය කරන්න තරම් අපේ සමාජයේ මිනිස්සු මෝඩ නැහැ කියලයි මට හිතෙන්නේ ( ඉතාම සුලු පිරිසක් ඇරෙන්න ).
    ඒ වාගේම මෙවැනි ගිනස් වාර්තා පිහිටුවීම මටනම් පෙනෙන්නේ වීරකමක් විදිහටයි. මොකද මේ පුද්ගලයා අපි හුඟ දෙනෙකුට කරන්න බැරි දෙයක් කරලා පෙන්වනවා.

    ReplyDelete
  3. අවදානම් සහගත වැඩකින් වුණත් සමාජයට යහපතන් වෙනවනම් ඒකෙ ගැටළුවක් නැහැ. හැබැයි මේ උදාහරණය ගැන කියල තියෙන දේ එක්ක සම්පූර්ණයෙන් එකඟයි.

    ReplyDelete
  4. Aren’t we all do those kind of useless things for others attention? We make holes in our ears and hang metal things in there and call it normal. we run across the village or try to draw a eye on an elephant blindfolded and call it normal and when someone do something that we normally don’t do, nor capable of doing, we complain about it.

    ReplyDelete
  5. dan meka kara kiyala apita moko.....uuta one nam thawa parak karapu den..apita paaduye..
    Meken kaatawath laabekuth ne..paaduwakuth ne...
    Nikna boruwata publicity denna one nam ithin sadde dammata kamakne

    ReplyDelete
  6. දැනට තියන ඔක්කොම ක්‍රීඩා ක්‍රීඩා කියල නම් කරන්න පෙර මුලින්ම තිබුනේ ඔහොම තමයි. ඒ වෙනකොටත් මිනිස්සු මේවා අසාමාන්‍ය ක්‍රියා කියල හිටියනම් ....???
    දැන් කොච්චර දියුනුයි කියන රටවල මිනිස්සු ගොන්පොර ජාතික ක්‍රීඩා විදිහට තියන්නේ එහෙමනම් අසාමාන්‍ය ක්‍රීඩා මොනවද? තව දෙයක් ඕව වෙනත් රටවල Extreme sports කියල ගිනස් වාර්තවට ඇතුලත් වෙන අතරේ අපේම රටේ අය, අපේ රටේ කෙනෙක් ඒ දේ කලාම අසාමාන්‍ය ක්‍රියාවක් කියල මහ ලොකුවට බහුස්‍රැත භාවයෙන් ප්‍රකාෂ කිරීම පිළිබඳව හිතට ඇතිවන්නේ රට ගැනම දුකක් ඒ වගේම බ්ලොග් එකේ නමටත් "ලංකා" කියන කොටස ඈඳාගෙනම මෙසේ කීම ලැජ්ජාවක්

    ReplyDelete
  7. mamath kiyanna maka modakamak nam nawai.thamanga hakiyawan ha dakshathawaya thama pradarshanaya karala thiyanna.kauruth karanawata karana thotha babala nawana inan nada.ahanam rata kidenak spiderman la wala inna onada.ko akakwath ahama wala nana

    ReplyDelete
  8. lankawe kenek loka wartawak tibbahama eke watinakama labenne lankawata. ae kiyanne lankawe apitama neda ae manussaya lankawata ae wage watinakamak denna jivitaya paraduwata tiyala tamange daksha kama pennuwa eka occara samaccal karanna epa. hitanna epa pana tiyenne hamawelema minissunwa wiwecanaya karanna kiyala. tamanta karanna bari wada karana anunwa wiwecanaya karanawata wada eyalawa agaya kalot loke tawat lassana wei neda

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා