තෙල් සංස්ථා සේවක අකුරට වැඩ නිසා රට පුරා ඉන්ධන හිඟ වේ

(2009 ඔක්තෝබර්  22 - W3Lanka) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් අද සවස වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිපෙට්කෝ තෙල් පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී අලුත් සැපයුම් ලැබීම පමා වී තිබිණි.

මේ හේතුවෙන් අනෙක් ඉන්ධන සැපයුම්කරුවා වන ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. වැටුප් වැඩි වීමක් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සංවර්ධන ඇමති ඒ.එච්.එම්. ෆවුසි පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ අතර ඔක්තෝබර් 26දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නතර කරන ලෙස ඇමතිවරයා කළ ඉල්ලීම ද වෘත්තීය සමිති විසින් ඉවත දමන ලදී. 


හෙට වන විට දිවයින පුරා උග්‍ර ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ‍වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.

Comments

  1. ඔව්..අද බොහොම සීමිත බවුසර් ගානයි එළියට දාල තියෙන්නෙ..හෙටත් අකුරට වැඩ..අනිද්දා වැඩ ක‍රන්නෙ නෑ..ඉරිද කොහොමත් නිවාඩුයිනෙ..සදුදා ඉදන් ඉල්ලීම් ලැබෙන දිනය තෙක් සම්පූර්ණ වැඩ වර්ජනයක් කියලයි ආරංචිය..
    අයි ඕ සී එකටත් බාගයක් විත‍ර තෙල් දෙන්නෙ සිපෙට්කෝ එකෙන්..ඒ නිසා එයාලගෙත් බ‍රපතල විදියට තදබදයක් ඇති වෙයි..

    මේකෙන් මහජනතාවට වගේම තෙල් බෙදුම්කරුවන්ටත් පාඩුයි!

    ReplyDelete
  2. මහ ලොකුවට ලැජ්ජ නැතුව කියන හැටි. මුනුත් එකයි උනුත් එකයි. ඔක්කොටම පිස්සු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා