ලාංකික සරණාගතයන් ගැන ඕස්ට්‍රේලියාව හා ඉන්දුනීසියාව අං පටලවා ගනිති; ලංකාව නිදි

(2009 ඔක්තෝබර්  27 - W3Lankaලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා පළා යමින් සිටියදී බෝට්ටුව කැඩී අනතුරට පත්ව සිටියදී ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සුමාත්‍රා අසලදී බේරාගෙන රැකවරණ ඉල්ලීම් සලකා බැලීම පිණිස ඉන්දුනීසියාව වෙත ආපසු හරවා එවන ලද ලාංකික සරණාගතයන් 78දෙනෙකුගෙන් යුත් පිරිස භාර ගැනීම ඉන්දුනීසියානු දූපත් ආණ්ඩුකාරවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 


ඉන්දුනීසියාව සරණාගතයන් ගොඩබෑම සඳහා ඇති භූමියක් නො වන බව ඔවුන් බැස්වීම සඳහා සැලසුම් කර ඇති කිජැං වරාය පිහිටි රියාවු දූපතේ ආණ්ඩුකාර ඉස්මෙත් අබ්දුල්ලා පවසන්නේ ජනාධිපති නියෝගයක් ලැබෙන තුරු තමන් මෙම පිරිස භාර නො ගන්නා බවයි.



ඕස්ට්‍රේලියාවට පළා යන සංක්‍රමණිකයන්ගේ රැකවරණ ඉල්ලීම් සගා බැලීම පිණිස ඔවුන් මෙසේ ඉන්දුනීසියාවට යවන්නේ දෙරටේ රජයන් අතර ළඟදී එළඹි ගිවිසුමක් අනුවයි. 


ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ලාංකික සරණාගතයන් පිළිබඳ අං පටලවා ගනිද්දී ලංකාවෙන් මිනිසුන් පළා යන තත්වයක් නිර්මානය කළ මෙරට පාලකයන් මේ කිසිවක් නො දන්නවා සේ තොපට ඕනැ දෙයක් කර ගනියව් කියා කර බා ගෙන සිටීම ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂකමකට වඩා තමන්ගේ ජනයා පිළිබඳ වගකීමක් නැතිකමකි. එසේ ම මෙම තත්වය ලෝකෙන් උතුම් ම රට යයි සැලකෙන ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හොඳ නැත. ‍තේ අපනයනය ගැන නමක් දිනා සිටි ලංකාව දැන් අනාථයන් අපනයනය කරන රටක් ලෙස ප්‍රසිද්ධ වෙමින් තිබේ.

Comments

  1. මේ කට්ටිට සිංහල වූ වූවා නම් W3Lanka ගේ කටේ පිට්ටු හිරවනු ඇත

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනේ පොන්න මී ගාර,තොට අපේ w3lanka සහෝදරයන්ට බැනීමට අයිතියක් නැත

    ReplyDelete
  4. මිගාරට අනිත් අයට පොර ටොක් දැමිමට අයිතියක් ඇතිවා මෙන්ම අන් අයටත් මිගාරයාට පොර ටොක් දැමිමට අයිතියක් ඇත.මිගාරත් එක්තරා විදියක සරණාගතයෙක්.

    ReplyDelete
  5. mata nam penne ne mekata lankaawa medihath wenna one kiyala. Meke pehediliwama Indonesia saha Australia athara thiyena prashnayak.
    Anika lankaawen minissu palaa yana thathwayak nam nirmaanaya wela kiyala mama piliganne ne.
    Esema raja thantrikawa inna one hari widiha issella oya ratawal deka athara prashne berena kan inna eka. EEta passe asylum illana un ganna ratath ekka kata karannai one.
    Jeppone...ubalata ithin owa therenawa kiyala ekakye :P

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා