බොස්නියාවේ වාර්ගික සංහාර කළ නායකයෙක් මේ සතියේ යුද අපරාධ අධිකරණයට2


(2009 ඔස්තෝබර් 29 - W3Lankaවාර්ගික වශයෙන් පාරිශුද්ධ මහා බොස්නියාවක් නිර්මානය කිරීමේ සිහිනයකින් කටයුතු කරමින් දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ දැවැන්ත ම රුහිරු පතනය සිදු කිරීම පිළිබඳ චෝදනා ලැබ තිබෙන බොස්නියාවේ සර්බ් නායක රැඩොවාන් කරාඞ්සික්ට එරෙහි පැරණි යුගෝස්ලාවියාව සඳහා වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ ගොනු කර තිබෙන යුද අපරාධ චෝදනා මේ සතියේ සිට විභාගයට ගැනීමට නියමිත ය.

කරාඞ්සික්ට එල්ල කර තිබෙන චෝදනා 10 අතර 1995දී ශ්‍රෙබ්‍රෙනිකාහිදී මුස්ලිම් ජාතිකයන් 8000ක් සංහාරය කිරීම ද වේ. ඔහු විසින් ශුද්ධ බොස්නියාවක් බිහි කිරීම පිණිස ක්‍රොඒෂියානුවන් ද සංහාරය කරන ලදී.


13 වසර ක් සැඟවී සිටි කරාඞ්සික් පසුගිය වසරේ අත්අඩංගුවට පත් වූයේ ආචාර්ය ඩ‍්‍රැගන් ඩැබික් නමින් ආගමික සුව කරන්නකු ලෙස වෙස්වළාගෙන සර්බියාවේ සැඟවී සිටියදී ය. දැනට 64වන වියේ පසු වන හේ දේශපාලකයකු, කවියකු සහ මනෝ චිකිත්සකයකු ව සිටියෙකි.


ඔහුගේ දේශපාලන ගුරුවරයා වන හිටපු බොස්නියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලොසෙවික්ට එරෙහිව ද මෙම යුද අපරාධ අධිකරණය විසින් නඩු විභාගයක් පවත්වන ලදී. එහෙත් එය අතරමගදී මිලොසෙවික් හෘදයාබාධයකින් මිය ගියේය.


1992-95 බොස්නියානු යුද්ධයෙන් ලක්ෂයක් පමණ ජනයා මරුමුවට පත් වූහ. ඉන් වැඩි පිරිසක් මිය ගියේ බොස්නියානු සර්බ් ප‍්‍රහාරවලිනි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා