Lanka Polity අද සිට: හිතන්නෙ පීඩිත සිංහලෙන්. ලියන්නෙ කඩ්ඩෙන්.

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) 'ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය වාර්තා කිරීම පමණයි; තීරණය ග්‍රාහකයා අතේය' කියන මිථ්‍යාව අපි පිළිගන්නේ නැහැ. ග්‍රාහකයාට ඔනෑ විදියකට පිළි ගන්න පුළුවන්. ඒත්, මාධ්‍යකරුවා හැම විටම වාර්තාකරණයේදී මැදිහත් වෙනවා. යම් සිද්ධියක් ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ මාධ්‍යකරුවාගේ තෝරාගැනීම අනුවයි. එසේම ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දී එකතු කරන හා ඉවත ලන කරුණු විසින් ග්‍රාහකයාට තීරණ ගත යුතු ආකාරය පිළිබඳ බලපෑමක් කරනවා. මේක අහිංසක වැඩක් නෙමෙයි.


අපි නම් කෙළින්ම පොල්ලෙන් ගැහුවා වගේ මේ වැඩේ කරනවා. වෘත්තිකමය හෙවත් ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන අය කියාවි මේක පුවත්පත් කලාව නෙමෙයි කියලා. ඉතින් අපට මොකෝ?


ඒක නෙමෙයි, W3Lankaගේ සහෝදර ඉංග්‍රීසි වෙබ් අඩවිය වන Lanka Polity (www.lankapolity.com) අද සිට විධිමත් ප්‍රවෘත්ති පළ කිරීමක් ආරම්භ කරනවා. අපේ දැක්ම එහෙමමයි. මේ තමයි ප්‍රොෆෙෂනල් නොවන ඉංග්‍රීසි පුවත්පත් කලාවේ සිංග්ලිෂ් පිටුව. හිතන්නෙ පීඩිත සිංහල විධියට. ලියන්නෙ කඩ්ඩෙන්.

උදව්වක් වශයෙන් මේ ගැන අනෙක් අයටත් කියන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා