බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සොයති


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) ලෝකෙන් උතුම්ම රට යයි කියන ලංකාවේ ප්‍රෞඪ උරුමය විනාශ කිරීමට බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ඇතැයි කියනු නිතර අසන්නට ලැබේ.


ක්‍රි.ව. 1755දී කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ ඉදි කළේ යයි කියන යටිනුවර, දෙහිගම, වෙහෙරගල විහාරයේ බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සෙවූ මේ සොරුන් බටහිරින් ආ අය හෝ ක්‍රිස්තියානින් හෝ යයි සොයාගෙන නැත. මෙවැනි නිදන් මංකොල්ල කීයක් නම් පසුගිය සමයේ සිදු විණිද?


මිහිඳු හිමියන් සැතපුණේ යයි විශ්වාස‍ කෙරෙන මිහින්තලාවේ මිහිඳු ගුහාවේ ශෛලමය යහන ද පුපුරුවා නිදන් සෙවූ ලාංකිකයන්ට මේවාත් වැඩද?

Comments

  1. මේක නම් හිලරි ක්ලින්ටන් සහ මිලිබ්‍රෑන්ඩ් අනිවාර්යයෙන්ම හවුල්

    ReplyDelete
  2. හැබැයි මචං හිලරි,මිලිබ්‍රෑන්ඩ් අපි ද්න තරමින් ලංකාවට ලගදි ආවෙ නැහැනෙ? එහෙමනම් කොහොමද එයාල මේකට හවුල් වෙන්නේ.
    තාම ඒ අයට මොකුත් කියලා පෝස්ටරයක් වත් ගහල නෑනෙ අපේ කොල්ලො ටික

    ReplyDelete
  3. අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම කතෝලික ශු.සභාව තුල මෙවැනි කුමන්ත්‍රණ නැති බව විශ්වාස සහගතව තරයේ ප්‍රකාශ කල හැක!

    ReplyDelete
  4. මොන පිස්සු‍ද? ‍ඔය ‍ගමෙ ‍උන්‍ගෙ වැඩක් වෙන්න ‍ඇති. ‍ඛොරැව‍ට ආගම ප‍ටලව ගන්න එපා

    ReplyDelete
  5. ආගමයි සංස්කෘතියයි අතර වෙනස දන්නැති කමෙන් පටලවා ගන්නවා කියලයි මට හිතෙන්නේ. දැන් ලංකාවේ බෞද්ධ කියලා කියන මිනිස්සු වැඩි කොටසක් ක්‍රිස්තියානි සංස්කෘතියේ තමයි ජීවත් වෙන්නේ (ඔබත් ඇතුළුව). එහෙම‌ වෙන්න හේතුව යටත් විජිත යුගයේ සිදුවූ සංස්කෘතිය ආක්‍රමණයත් ඊට පසුව සිදුවූ සහ සිදුවන සංස්කෘතික යටත්විජිතවාදයත් තමයි. අද මේක සිදුවන්නේ අනුකාරක අධ්‍යාපනයෙන්, ජඩ මාධ්‍ය වලින් සහ තමුන්නැහේ වගේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කඩේ යන්නන් මගින්. ඒ වගේ අයට මේවා සුළු දේවල්. හිලරි ක්ලින්ටන් මේකට ඕනෑ නැත්තේ ඒ වැඩේ මෙහේ ඉන්න බෞද්ධ සහ අබෞද්ධ ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් අය (මුදල් සදහා නිදන් හෑරීම ක්‍රිස්තියානි සංස්කෘතියේ අංගයකි. අපි පොඩි කාලේ කියවපු treasure island සිට මෑතකදී බලපු pirates of the Caribbean චිත්‍රපටය දක්වා පෙන්වන්නේ ඒ සංස්කෘතික ලක්ෂණය තමයි) අගේට කරන නිසයි.

    ReplyDelete
  6. අනිත් කාරණය තමයි මේක නිදන් හොරුන්ගේම වැඩක් කියලා කියන එකත් උපකල්පනයක් විතරයි. ලංකාවේ තියෙන සමහර ආගම් වල ප්‍රධානම ඉගැන්වීමක් තමයි අනිත් ආගම්වල පිළිම කඩපන් කියන එක (විශේෂයෙන්ම බුදු පිළිම). ඒ හැම දෙයක්ම අන්තිමට නිදන් හොරුන්ගේ පිටින් තමයි යන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා