ලංකා ජනාධිපති මරන්න හැදුවාද? දෙනියායේ මන්දිරය හදන්න මහජන දේපල යෙදවෙනවාද හෙවුවාද?

(2009 සැප්තැම්බර් 08 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොයුරියගේ ස්වාමිපුරුෂයාට අයත් වත්තක ඉදි වෙමින් පවතින මන්දිරයක කටයුතු සඳහා මහජන දේපල පාවිච්චි වන්නේදැයි විමර්ශනය කරන්නට ගිය ලංකා පුවත්පතේ පුවත්පත් කලාවේදීන් තිදෙනෙකු එම මන්දිරය අසලදී අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ රැගෙන ඒමත් සමගම එම පරීක්ෂණය ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තිබිණිද යන්න සොයා බැලීමේ පරීක්ෂණයක් බවට පත් වී තිබෙන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ඉරු දින කැඳවා ප්‍රශන කළ රහස් පොලිසිය සඳුදා එම පුවත්පතේ දෙල්කඳ පිහිටි කාර්යාලයට පැමිණ කර්තෘ මණ්ඩලයෙන් ප්‍රශ්න කළේය. 



මඟ නැගුම පිළිබඳ පුවත්පතේ පළකෙරෙන ලිපි සහ එම ලිපි පිළිබඳ කර්තෘ මණ්‌ඩලය සිදුකරන සාකච්ඡා මෙන්ම එම ලිපි ලිවීම පිළිබඳ තීරණය කරන ආකාරයත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කර්තෘ මණ්‌ඩලයෙන් ප්‍රශ්න කළ බව ලංකා ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා පැවසූ බව අද "දිවයින" පුවත්පත වාර්තා කළේය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා