මෙහෙම විකුණන්නෙ ඇයි රත්තරං?

(2009 සැප්තැම්බර් 14 - W3Lanka) ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබෙන රුපියල් කෝටි 14000 ක්‌ පමණ වටිනා රත්‍රන් මෙට්‍රික්‌ ටොන් 38 ක්‌ ණය ගෙවීම සඳහා කැබිනට්‌ අනුමැතියකින් තොරව හොර රහසේම විකිණීමට ආණ්‌ඩුව සමාගමක්‌ සමඟ සාකච්ඡා අරඹා බව කුරුණෑගල දොඩම්ගස්‌ලන්ද මැතිවරණ කොට්‌ඨාසයේ පැවැති සංවාදශීලී ජනහමු මාලාවක්‌ අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පැවසීය.

ඔහු පවසන පරිදි ගෙවන්නට යන ණය මුදල සංවර්ධන කටයුතු සඳහා යෙදවූ එකක් නොවේ. ලොව කිසිදු ආණ්ඩුවක් මේ ආකාරයෙන් කටයුතු කර නොමැති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ.


රජය මේ පිළිබඳ මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා