මතට තිත නිසා රැකියා අහිමි වෙතැයි සුරාබදු නිළධාරීහු අසහනයේ

(2009 සැප්තැම්බර් 26 - W3Lankaමහින්ද රාජපක්ෂ පාලනය විසින් ළඟදීම මතට තිත තබන බැවින් සුරා බදු නිලධාරීන් මහත් අසහනයට පත් වී සිටින බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙසේ අසහපයට පත් වී සිටින පුෂ්ප කුමාර සිල්වා නමැති එක් සහකාර සුරා බදු කොමසාරිස්‌වරයකු පසුගිය 16 වැනිදා පස්‌වරු 2.30 ට පමණ යුනියන් පෙදෙසේ පිහිටි අවන්හලකට පැමිණ විකිණීමට තිබූ මත්පැන් බෝතලයක්‌ ගෙන එහි සේවය කළ සේවකයකුගේ හිසට වත්කර පහර දීමෙන් මේ වන විට එම සේවකයා කොළඹ අක්‌ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙමින් පොලිසිය අදාළ නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කළේය. 


සැකකරු රුපියල් දෙලක්‌ෂ විසිපන් දහසක මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට කොටුව අතිරේක මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා (24 දා) පස්‌වරුවේ නියෝග කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රියන්සි අර්සකුලරත්නයි. 


රජයේ මතට තිත හා මසට තිත වැනි ප්‍රතිපත්ති හේතුවෙන් මෙසේ අසහනයට පත් වන සේවකයන් වෙනුවෙන් විකල්ප වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අපි රජයට පෙන්වා දෙමු. නැතිනම් මසට තිත නිසා රැකියා අහිමි වීමට නියමිත මිනිසුන් පාරිභෝගිකයන්ට එරෙහිව පිහි අමෝරා ගන්නට පවා ඉඩ ඇති බව පෙනේ. මේ අයට භාවනා පංති පැවැත්වීම, භාවනා කරන්නන්ට උවටැන් කිරීම වැනි විකල්ප රැකියා උත්පාදනය කළ හැකි බව අපි යෝජනා කරමු.




Comments

  1. ඒක තවත් කතාවක්.
    ඇත්තටම මතට තිත තියයි ද?
    ඊයෙ පෙරෙයිදා බස්නාහිර පළාත් සභාවේ අයවැයේ ආදායමෙන් 8%ක් මත්පැන් බලපත්‍ර වලින්!
    රජයේ ගත්තත් ඒ වගේ ම තමා. ඊටත් වැඩියි.
    මතට තිත තියනවානම් පළමුවම කරන්න ඕනෙ මත්පැන් වලින් බදු ගැනීම නතර කරන එක. ඒ මෙනුවට වෙනත් ආදායම් මාර්ග සොයා ගන්නේ නැතුව මත නවත්තල කොහොමද? හැබැයි ඕක මහ ගොකු දෙයක් නෙමේ. වසරක් මත්පැන් ගෙන්වීම, නිශ්පාදනය හා අලෙවිය නවත්තලා බලන්න කීයක් ඉතුරු වෙනවාද කියල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා