අ‍පේ තෙලට ඉරානයේම පිහිටයි


(2009 සැප්තැම්බර් 22 - W3Lanka) සියයට 0.5 සහන පොලියක් මත ලංකාවට තවත් වසරක කාලයක් සඳහා ණයට ඉන්ධන ලබා දීමට ඉරානය කැමැත්ත පළ කර තිබේ.


2008 ජනවාරි සිට 2009 අගෝස්තු 31 දක්වා මෙම ණය සැපයීමට 2007 නොවැම්බරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරානයේ චාරිකා කළ අවස්ථාවේදී ඉරානය එකඟ විය. මෙම ණය යටතේ 2008 වසරේදී පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.05ක ඉන්ධන ආනයනය කළාය.


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට තෙල් බැරල් 50,000 සිට 100,000 දක්වා වැඩි කිරීම සඳහා එය නවීකරණය පිණිස ඉරානය ලංකාවට ඩොලර් බිලියන 1.05ක ආධාරයක් සපයයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා