යුද්ධයේ අන්තිම අදියරේ වියදම ගමකට කෝටි දෙක බැගින් දෙන්න ප්‍රමාණවත්



(2009 සැප්තැම්බර් 29 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී හෙළි කළ පරිදි කොටින්ට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී රජය විසින් දරන ලද පිරිවැය ඩොලර් බිලියන 2.8කි. එම මුදල වර්තමාන විනිමය අනුපාතික අනුව රු. 323,524,675,651.85කට සමානය. තේරෙන භාෂාවෙන් කීවොත් රු. කෝටි 32, 352කට මඳක් වැඩිය.

මෙයට අමතරව කොටි සංවිධානය විසින් ද මෙම යුද්ධය වෙනුවෙන් අඩු තරමේ මෙම මුදලින් හතරෙන් පංගුවක තරම්වත් වියදමක් දරන්නට ඇත. එවිට යුද්ධයේ අවසාන අදියරේදී පමණක් වියදම කෝටි 40,000 ඉක්මවයි.

මේ යුද්ධය නොකෙරුණා නම් ලංකාවේ එක ගමකට රු. කෝටි දෙක බැගින් බෙදා දෙන්නට මේ මුදල සෑහේ. කෝටි දෙකකින් ගමකට කෙතරම් දේ කරන්නට තිබිණිද?

අකාලේ අහිමිව ගිය සිංහල, දෙමළ ජීවිත සංඛ්‍යාව මිළ කළ නොහැකිය. එසේම යුද්ධයෙන් වූ දේපල හානි සහ ජන ජීවිතයට වූ හානි ද ගනනය කර නැත.

අද ඇති ප්‍රශ්නය වන්නේ මෙතරම් වියදමක් දැරූ යුද්ධයෙන් අප දිගු කාලීන සාමයක් දිනා ගත්තේ ද යන්නයි.

Comments

  1. මට හැඟෙන දේ නම් යුද්ධයේ අවසානයත් සමඟ අපි බලා පොරොත්තු වූ පොරොන්දු දේශය හෙවත් පාරදීසය නැවත ගොඩ ගැනීම කෙසේ වෙතත් පවුල් ගස ගොඩ නැගී පාරාදීසය තිබුනාට වඩා අවුල් වේදෝ කියා හිත විපිලිසර වෙන බවයි . .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා