ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක්

(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත.




රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ (IT-BPO) යෙදී සිටින ආයතන මෙම සමීක්ෂණයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.


එම්. ජී. කන්සල්ටන්ට්ස් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ.


ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙමින් තිබෙන යුගයක මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සදහා මනා පිටු බලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රමධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා