යුද්ධයෙන් පාස් ආණ්ඩුව ආර්ථිකයෙන් ෆේල්ද?

(2009 සැප්තැම්බර් 14 - W3Lanka) ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2009 මුල් මාස හය තුළදී 1.6% දක්වා අඩු වී තිබේ. 2008 වසරේ මුල් මාස හය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය වූ 6.6% සමග සන්සන්දනය කරන විට මෙය බරපතල කඩාවැටීමකි. 

2009 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.1%ක් විය. පසුගිය වසරේ දෙවන කාර්තුවේදී 7%ක ආර්ථික වර්ධන වේගයක් රඳවා ගැනීමට ලංකාව සමත් වී තිබිණි. 

මේ වසරේ ආර්ථික වර්ධන වේගය 2.5% - 3% අතර පවතිනු ඇතැයි කලින් අනුමාන කර තිබුණත් මැයි මාසයේදී කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු මහ බැංකුව ආර්ථික වර්ධනය වෙනුවෙන් 4% - 5% ඉලක්කයක් තැබීය.

මෙම ඉලක්කය කරා යාම සඳහා දෙවන අඩ වසර තුළදී 8%ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට සිදු වේ. එය ඉතා දුෂ්කර ඉලක්කයකි.



2008 වසරේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6%ක් වූ අතර 2007දී එය 6.8%ක් විය.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා