සංස්කෘතිය වෙනුවෙන් එක්‌කෝටි හැටහත්ලක්‍ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්

(2009 සැප්තැම්බර් 12 - W3Lanka) ලංකාවේ සංස්කෘතිය වෙනුවෙන් රජය ඊයේ  අතිශය වැදගත් පියවරක් ගත්තේය. ඒ පියවරත් සමග ලංකාවේ සංස්කෘතිය තීරණාත්මක ලෙස හොඳ වේ යයි අපේක්ෂා කළ හැකිය. සත්තකින්ම, එය රජය මෙතෙක් සංස්කෘතියට කරන ලද විශිෂ්ඨම සේවය වන්නටද පුළුවන. ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් කන්දරාව වැඩි යයි ඇතැම් එන්ජීඕකාර ඩොලර් කාක්කන් කෑ ගසන්නට පුළුවන. එහෙත් මෙවැනි මාහැඟි කාර්යයක් නොකර ලංකාවේ සංස්කෘතියට සේවය කරන්නට පුළුවන්ද? මෙම කාර්යය විශේෂයෙන්ම මේ සාහිත්‍ය මාසයේදීම කිරීම රජය සංස්කෘතිය කෙරෙහි තිබෙන සංවේදීභාවයේ තරම ප්‍රකාශ කරයි. 


එම කාර්යය වන්නේ සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ කැබිනට්‌ නොවන ඇමැති පියසිරි විඡේනායක මහතා සඳහා අවශ්‍ය වාහන, කාර්යාල උපකරණ මිලට ගැනීම සහ වාහන අලුත්වැඩියාව සඳහා රුපියල් එක්‌කෝටි හැටහත්ලක්‍ෂයක (1,67,00000) මුදලක්‌ ලබා ගැනීමට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඊයේ (11 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා