සෙනසුරාදාට ලියුම් නොයවන්න තැපෑල සංවර්ධනය කිරීමේ සැලැස්මක්

(2009 සැප්තැම්බර් 04 - W3Lanka) පාඩු ලැබීම අවම කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු සෙනසුරාදා දිනවලදී සිදු නොකිරීමට රජය සැලසුම් කර ඇති බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි. 

සෙනසුරාදා රාජකාරි කිරීම වෙනුවෙන් සේවකයන්ට ගෙවන අතිකාල දීමනාවලට අදාළ ප්‍රතිපාදන ලබන ජනවාරි වෙන් නොකළ යුතු බවට එම අයවැය කමිටුව යෝජනා කර ඇති බව තැපැල් සේවා සංගමය පෙන්වා දෙයි.


තැපෑල ප්‍රතිසංවිධානය කිරීම සඳහා 2006 දී පත් කරනු ලැබූ ඇමැති ලේකම් කමිටුකින් සෙනසුරාදා දිනය තැපැල් දෙපාර්තමේන්තුව වසා තැබීමට කර ඇති යෝජනාව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු බවට 2010 අයවැය සම්පාදන කමිටුව මගින් යෝජනා කර ඇති බව ද සංගමය පවසයි.

Comments

  1. අපරාදෙ දවස් 6 ක් වහල එක දවසක් වැඩකළානම් මීට වඩා ලාබයිනෙ. ඔන්න දියුනුව..ෂික්!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා