රජයේ වෛද්‍ය නිලධාරි සංගම් කොට්ටෝරුවෝ ආමි ගහටත් කොටති

(2009 සැප්තැම්බර් 06 - W3Lanka) ලංකාවේ වඩාත්ම ගතානුගතික ආකල්ප සහිත වෘත්තික සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැම ගහකටම කොට කොටා පණුවන් කකා යන ගමනේ ආමි ගහටත් කොටා ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යායතනය රුහුණු විශ්වවිද්‍යාලය සමග එක්ව ආරම්භ කිරීමට යන MBBS  වෛද්‍ය උපාධිය සඳහා බඳවාගැනීම කළ යුතු ආකාරය තීරණය කිරීමේ බලය යුදහමුදාවට හිමි වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අමනාපයට හේතු වී තිබේ. යුද හමුදාවට බඳවා ගනු ලබන වෛද්‍යවරුන්ට තිබිය යුත්තේ උසස් පෙළ ලකුණු පමණක් නොවේ. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය විසින් ලබා දෙන සෙසු උපාධි සඳහා සිසුන් බඳවා ගනු ලබන්නේද යුද හමුදාවේ නිර්ණායක පරිදි මිස වෘත්තීය සමිති කියන ආකාරයට නොවේ.


වෙනත් රජයේ සේවකයන් අතර සුපිරි වරප්‍රසාද භුක්ති විඳින ගමන් අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැඩියෙන්ම පඩි ගැනීමට යත්න දරන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ අනුගාමික දොස්තරුන්ට වෙනත් රජයේ සේවකයන්ට මෙන් වැඩට එන යන වේලාව අත්සන් කිරීමට පොතක්වත් නැත. ඒ නිසා බොහෝ දොස්තරු ගජරාමෙට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරමින් මහජනයා සූරාකති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගාමී ආකල්ප සහිත දොස්තරලා අල්ලාගෙන කරන්නේ අධ්‍යාපනය වානිජකරණය වූ නවීන සමාජ තත්වයන් තුළ පවා තම වෘත්තියට පිරිස් ඇතුළුවීම සීමා කර තබාගෙන වෛද්‍ය ශ්‍රම හිඟයක් මවා පා වරප්‍රසාදිත තත්වයක් භුක්ති විඳිමින් පීඩිතයන් සූරාකෑමටයි.


Comments

  1. not a correct article all wrong

    ReplyDelete
  2. somebody has scribbled his jealusy into a so called blog without knowing the facts, this is a good example for the nudity of sri lankan media

    ReplyDelete
  3. "somebody has scribbled his jealusy into a so called blog without knowing the facts, this is a good example for the nudity of sri lankan media"

    Well 100% agree with this... this media reporting is full of false facts and reflect pure jealousy towards Doctors who are doing a respectful and excellent job in Sri Lanka...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා