මහජන දේපල පරිස්සම් කර ගනියෝ‍! ජයසුන්දර එනෝ!


(සැප්තැම්බර් 25, 2009 - W3Lanka) වරාය අධිකාරියට හිමි ඉඩමක් ජෝන් කීල්ස් සමාගමට පැවරීමේදී රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී ලක්ෂ පහක වන්දියක් ගෙවූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ළඟදීම යළි එම තනතුරට පත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 

හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාගේ ඇණවුම පරිදි ඉදිරියේදී කිසිදු රජයේ තනතුරක් භාර නොගන්නා බවට ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ දීමට ඊයේ ඔහුගේ ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් බහුතර කැමැත්ත මත එකඟත්වය පළ කරන ලදී. අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා විසින් සභාපතිත්වය හොබවන ලද මෙම විනිසුරු මඬුල්ලේ ආචාර්ය ශිරානි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් මෙම තීන්දුවට එකඟ නොවූවාය. 


යළිත් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගෙන් ඉල්ලා ඇති බව ජයසුන්දර ශ්‍රේෂ්ථාධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන් කරයි. 


ජයසුන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතකු වන අතර ඔහු වරදකරු වූ මානව හිමිකම් නඩුව ගොනු කරනු ලැබුවේ රාජපක්ෂගේ තවත් හිතවතකු හා ජනාධිපති උපදේශකයකු වන ප්‍රකට වාමාංශිකයකු වන වාසුදේව නානායක්කාරයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා