මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ මංගලගේ තුන්වන ව්‍යායාමයයි


(2009 සැප්තැම්බර් 19 - W3Lanka) මේ දිනවල විපක්ෂයේ පොදු සන්ධානයක් හැදීම පිළිබඳ කතා පවත්වමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'මහජන' කණ්ඩායමේ නායක මංගල සමරවී ර කියන පරිදි ආණ්ඩුවක් පිහිටුවා දින 180ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ද සන්ධාන ප්‍රතිපත්තිවලට ඇතුළත් කිරීමට නියමිතය.

1994දී බලයට පැමිණි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වූ අතර ජවිපෙට වූ පොරොන්දුවක් අනුව 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ තම අපේක්ෂකයා ද ඉවත් කර ගත්තේය. ඒ සන්ධානයේ ද මංගල නායකයෙකි.


ඉන්පසු 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ මංගල සමරවීරගේ ප්‍රබල දායකත්වයකින් සකසන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සඳහන් වේ. එකී ප්‍රතිපත්ති ප්‍රතාශනය මත පදනම්ව රාජපක්ෂ බලහවුලට කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණ ද පසුගියදා නින්දෙන් අවදි වී මේ පොරොන්දුව මතක් කර යළි නිදි කිරා වැටෙමින් සිටියි. 


2003 නොවැමිබර් මාසයේදී විධායක ජනාධිපති බලතල පාවිච්චි කර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවති කැබිනට් ඇමති තනතුරු තුනක් පවරා ගැනීමට කේවට්ට උපදෙස් දුන් ප්‍රධානියෙකු වන්නේ ද මංගල සමරවීරයි.

මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ මංගලගේ තුන්වන ව්‍යායාමයයි. චන්ද්‍රිකා විධායක ජනාධිපති ධුරය හෙබවූ එකොළොස් වසර පුරාම මංගල අම්බානකකට එහි රසය වින්දේය. මහින්ද යටතේ එය කිරීමට මංගලට බැරි වුණේ ඔහු මහින්දගේ එක බඩවැල කඩාගෙන ආවකු නොවන නිසාය. රනිල් හෝ මීළඟ විධායක ජනාධිපති වන කවුරු හෝ යටතේ නම් මංගල විධායක ජනාධිපති ක්‍රමය භංග කර දමන බව කොක්කුන්ට නම් ෂුවර් ඇන්ඩ් ෂොට්ය.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා