ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය අහිමි වීම ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයට පහරක්

(2009 සැප්තැම්බර් 03 - W3Lanka) ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ කර තිබෙන ඇගැයීම ශ්‍රී ලංකාවට හිතකර නොවන බැවින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලැබීම අවිනිශ්චිත බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්‌. රනුග්ගේ පවසයි.

ජී.එස්‌.පී. තීරුබදු සහන අහිමි වුවහොත් මෙරට ඇඟලුම් ඇතුළු විවිධ අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. එයින් සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් සිදු වේ. ලක්ෂ තුනක පමණ ශ්‍රමික පිරිසක් ඍජුවම රැකියාවේ යෙදි සිටින ඇගලුම් අපනයන ක්ෂේත්‍රය ලංකාවේ ඉහළම විදේශ ආදායම් උත්පාදන මාර්ගයයි. පසුගිය වසරේ මෙමගින් ඩොලර් බිලියන 3.47ක් උපයා දෙන ලදී. 


ඊළඟට වැඩිම ආදායම ලබා දෙන්නේ විදේශ රටවල ලාංකික ශ්‍රමිකයන් විසිනි. එම ආදායම ඩොලර් බිලියන තුනකි. තේ අපනයනයෙන් ගිය වසරේ ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.2කි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා