මහින්ද චින්තනය යටතේ පුහුණුවට දෙවන පෙළ දක්‍ෂ නායකයින් බදවා ගැනේ. අදම අයදුම් කරන්න

(2009 සැප්තැම්බර් 04 - W3Lanka) ලෝකයේ බොහෝ රටවල සිටින නායකයින්ගෙන් පසුව නායකත්වය බාරදීමට දක්‍ෂ නායකයින් අල්පවීම නිසා විවිධ ගැටලු හා අරගල ඇති වන බව ද, එයට හේතුව බලයේ සිටින නායකයින් තමන්ගෙන් පසු බලය බාරදීමට දෙවන පෙළ නායකයින් පුහුණු නොකරන නිසා බවද එහෙත් මහින්ද චින්තනය යටතේ දෙවන පෙළ දක්‍ෂ නායකයින් පුහුණු කෙරෙන බවද, තරුණ කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි. 


මහරගම යොවුන් රඟහලේදී ඇය මෙම අදහස් පළකළේ ජාතික තරුණසේවා සභාව අරඹා ඇති දේශපාලන ශිල්පායතනයේ සිව්වැනි කණ්ඩායමේ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය අරඹමිනි. 

අප විසින් නිරීක්ෂණය කර තිබෙන පරිදි චින්තනය යටතේ ජාතික දේශපාලන නායකත්වය සඳහා ලොකු පුතාද, අයියාගේ පුතාද පුහුණු කෙරෙමින් පවතී. හමුදා නායකත්වය සඳහා මද්දුම පුතා පුහුණු කෙරෙමින් තිබේ. මේ අනුව යමින් පළාත් මහ ඇමතිවරුන්, කැබිනට් ඇමතිවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් විසින් තමන්ගේ පුතාලාද තමන්ගේ බල ප්‍රදේශවල මීළඟ නායකත්වය සඳහා පුහුණු කෙරෙමින් ඇති බව දක්නට ලැබේ.


Comments

  1. රජවරුත් කරලා තියෙන්නේ එහෙමලුනේ

    ReplyDelete
  2. එහෙමවත් පුරුදු කරනවනම් වරදක් නෑ.මම හිතන්නෙ. හිකිස්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා