ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක්; මෙන්න මුං අපේ බඩට ගහන හැටි

(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක් අය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ පැවසුවේ බදු තීරණය කරන්නේ කාටවත් ඕනෑ විදියට නොව කැබිනට්‌ මණ්‌ඩලයට (ඕනෑ විදියට) බව ද එක් කරමිනි.

රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රජයේ සංවර්ධන වැඩ සිදුකරන්නේ බදු මුදලින් නිසා බදු අඩු කරන්නට නොහැකි බව ද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය. එසේම ඇමතිවරුන්ට පමණක් නොව නෝනලාට හා බල්ලන්ට පවා සුඛෝපභෝගී වාහන, ඒවාට ඉන්ධන, ගෙවල් කුලී, විදෙස් චාරිකා ඇතුළු වරප්‍රසාද, වෙනත් සම්තිං හා ආතල් සපයන්නේ ද දිළින්දන්ගෙන් මහ දවල් මංකොල්ල කන මේ බදු මුදල්වලින් බව කියන්නට උවමනා නැත.

ආනයනය කරන සීනි කිලෝවකට රුපියල් 16ක්‌ද, බී ළූනු කිලෝවකට රුපියල් 25 ක්‌ ද, මිරිස්‌ කිලෝවකට රුපියල් 40 ක්‌ද, සහල් කිලෝවකට රුපියල් 25 ක්‌ ද වශයෙන් රජය බදු අයකරන බව ද ඇමැතිවරයා පැවැසීය.


බඩගිනි නම්, කෑම රස නැති නම්, ගාන සැර වැඩි නම් සාප කළ යුත්තේ කාටදැයි මේ රටේ ඡන්දදායකයෝ දනිති. ඒත්, උන්ගේ ඇස් වසා ඡන්දය ගන්නා හැටි ආණ්ඩුව දනියි. ඇමති බන්දුලට හෝ වෙනත් වගකිවයුත්තෙකු‍ට මේ අසාධාරණ සූරාකෑම ගැන රෙදි ඇඳගෙන කතා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසාය.

මේ වගේ විමාන ලැබෙන්නේ අපද එවැනිම යක්කු වන බැවිනි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා