තෙවසරක් ගත වෙද්දීත් නැඟෙනහිර අවතැන් වූවන් 2500ක් තවමත් අනාථයි


(2009 සැප්තැම්බර්  30 - W3Lanka) මඩකලපුව කොකූවිල් ප්‍රදේශයේ කඳවුරක සිටි පවුල් 91 කට අයත් පුද්ගලයන් 321 ක්‌ බස්‌ රථ 15 කින් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට ඊයේ රැගෙන යාමත් සමග නැඟෙනහිර පළාතේ සියලු අවතැන් වූවන් යළි පදිංචි කර හමාර බව රජය කරන ප්‍රචාරය අසත්‍යයක් බව වාර්තා වේ.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සාම්පූර් ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපයක් පිහිටුවීම හේතුවෙන් එහි යළි පදිංචි වීමට ඉඩ නොදුන් අය ඇතුළු පවුල් 745 කට අයත් 2500 දෙනෙක්‌ තවමත් කිලිවෙඩ්ඩි, පට්‌ටිපිඩල් හා පිල්ලන්කේන් යන ප්‍රදේශවල රැඳී සිටින බව වාර්තා වේ.

රජය සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් තාප බලාගාරයක් පිහිටුවීම සඳහා ඉන්දීය රජයට අයත් NTPC සමාගමට පවරා දීම‍ට තීරණය කර තිබේ. සාම්පූර් පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ වෙරළාශ්‍රිතවයි.

2006 වසරේ නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් හේතුවෙන් ත්‍රිකුණාමල හා මඩකලපුව පදිංචිව සිටි පවුල් 41,000 කට අයත් 150,000 කට වැඩි පිරිසක්‌ අවතැන්ව කඳවුරු 112 ක රැඳී සිටියහ. කඳවුරු 91ක පවුල් 35,000 කට අයත් 135,000 දෙනකු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි පිරිස ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෝය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා