ලංකාවේ යුද අපරාධ පිළිබඳ එක්සත් ජනපද වාර්තාවක් හෙට නිකුත් වේ


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) ලංකාවට අතිශය වැදගත් පසුගිය යුද සමයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් හෙට (21) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය. 


යුද අපරාධ කාරණා පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කිරීමට නියමිත මෙම වාර්තාව එක්සත් ජනපද කොංග්‍රසයේ තක්සේරුව සඳහා ඉදිරිපත් කෙරේ. එක්සත් ජනපදය ඉදිරි කාලයේදී ලංකාව සමග පවත්වන සබඳතා විෂයෙහි හා දිවයිනට සපයන ආධාර කෙරෙහි මෙම වාර්තාව බලපානු ඇතැයි සැලකේ.

මෙම වාර්තාව සැකසීම සඳහා යුද සමයේ සිදුවීම් ඇසින් දුටු අයගෙන් සාක්කි ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා