වයස අවුරුදු පහට අඩු දරුවෝ 10,000ක් දිනපතා මරුට


(2009 සැප්තැම්බර් 16 - W3Lanka) 1990 සිට 2008 දක්වා කාලයේදී ලෝකයේ වයස අවුරුදු පහට අඩු ළමයින් මිය යන සංඛ්‍යාව 28%කින් පහත වැටී තිබෙනවා. මෙය හොඳ පුවතක්. ඒත්, අද පවා සෑම දිනකම වයස අවුරුදු පහට අඩු දරුවන් 10,000ක් සෞඛ්‍ය හේතු මත මිය යන බව යුනිසෙෆ් වාර්තා පවසනවා.

2008 වසරේ මිය ගිය වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 88ක්. එහෙත් 1990දී එක් කෝටි විසිපන් ලක්ෂයක් දරුවන් මිය ගියා. මෙසේ මිය යන දරුවන්ගෙන් 40%ක්ම කොංගෝ, ඉන්දියා සහ නයිජීරියා යන රටවල අයයි. ආසියාව හා අප‍්‍රිකාව එක්ව ගත් විට වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණවලින් 93%ක්ම සිදු වන්නේ මෙම කලාපයේයි.

අවුරුදු පහට අඩු වයසේ දරුවන් මිය යාම වේගයෙන් අඩු වෙමින් ඇතත්, 2015 වන විට ළමා මරණ අනුපාතිකය තුනෙන් දෙකකින් අඩු කිරීමේ සහශ‍්‍රක ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වේගය ප‍්‍රමාණවත් නැහැ. යුනිසෙෆ් සංවිධානය පවසන පරිදි ඇතැම් කලාපවල ළමා මරණ අනුපාතිකය අඩු වීමේ වේගය පිළිබඳ සෑහීමට පත් වන්න බැහැ.

ලෝකයේ වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩියෙන්ම මිය යන්නේ මැලේරියාව, නිව්මෝනියාව හා පාචනය නිසායි.

ලංකාවේත් සජීවීව උපදින සෑම දරුවන් දහස් දෙනෙකුටම එකොළොස්දෙනෙක් වයස අවුරුදු පහ සම්පූර්ණ වීමට පෙර මිය යන බව ලෝක සංවර්ධන දර්ශකයේ 2007 වසරේ වාර්තා අනුව පෙනී යනවා.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා