උවිඳු අඳුර: කුරුකුලසූරිය කේලාම් කිව්වා ද? රාජපක්ෂ බොරු කිව්වා ද?

(අගෝස්තු 18, 2009 - W3Lanka) 2009 ජුනි 07 දින 'ද නේෂන්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය  විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් අගෝස්තු 16 දින එම පුවත්පතේ පළ විය. 

ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයනුත් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වී ඇති අදාළ ලිපියේ කියැවෙන පරිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව උවිඳු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගි වූ අයට කියා තිබේ.

දැන් උවිඳු පවසන්නේ තමන් කිසිදු දිනෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු කියා නැති බවයි. තමන් කී දෙය සත්‍ය බව පුවත්පත දැඩිව පවසයි.

උවිඳු කුරුකුලසූරිය වනාහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තර ශෝධනයක් පිළිබඳව දැඩි සටනක් කළ පුද්ගලයෙකි. එම සටනේ ප්‍රතිඵල ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වු අතර සංවිධානයේ ව්‍යූහයේ බරපතළ වෙනස්කම් ද සිදු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බොහෝ පැරණි නායකයන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශගත වූ අතර, උවිඳු ද ඒ අතරින් කෙනෙකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ උවිඳු තමන්ට කේලාම් කී බව ජනාධිපති නොකියා කියයි. උවිඳුලාට ජීවිතාරක්ෂාව පතා රටින් පළා යන්නට හේතු වූයේ රාජ්‍ය මර්දනය නිසා බව කියන්නේ අප නොව එසේ පිට වී ගිය මාධ්‍යවේදීහුම ය. එසේ ඔවුන් මර්දනයට ලක් කළ රාජ්‍යයේ නායකයා ම උවිඳු තමන්ට කේලාම් කී බව කීම උවිඳු නම් දූෂණයට, අසාධාරණයට එරෙහිව සටන් කිරීම හේතුවෙන් යුරෝපාගත වන්නට සිදු වූ යුග පුරුෂයාගේ ප්‍රතිරූපයට හානියකි. උවිඳු අසහනයට පත් වන්නේ ඒ නිසා ය.

උවිඳු කේලාම් කීවා ද නැතිනම් ජනාධිපති බොරු කියන්නේ ද යන්න අපි නොදනිමු.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා