අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවේ

(අගෝස්තු 06, 2009 - W3Lanka) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න රාජ්‍ය විරෝධී පෝස්ටර් ඇලවීමේ චෝදනාව මත ඊයේ මධ්‍යම රාත්‍රියේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 


ඔහු සමග තවත් අයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 


අද දින පැවැත්වීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව එම සංවිධානය පවසයි.

Comments

  1. ඉස්සර නම් ඕනේ එකෙක්ට ඕනේ පොස්ටරයක් ගහන්න නිදහස තිබ්බා.තමන්ට කැමති මතයක් වේදීකාවක කියන්න නිදහස තිබ්බා. අදත් ඒ නීතී එහෙමම ඇති. එත් අද ඉන්න ජන නායකයා නීතීය බල්ලාට දාල වැඩ කරන්නේ. ටික ටික හැම පැත්තෙන්ම නිදහස අඩු කරලා මෙකට රුසියාවේ,කියුබාවේ වගේ අන්ත වාදී පාලනයක් ගේන්න හදන්නේ.මොනවා තිබ්බත් නිදහස නැත්නම් මිනිහෙක්ට වැඩක් නෑ. නිදහස නැතිව ජීවත් වෙන්න ඕනේ නම් ඉතින් ඊළග සැරෙත් ඇහින්ද මහින්දට චන්දේ දෙන්න.

    ReplyDelete
  2. මොනව වුනත් තමන් පත් කරපු ආණ්ඩුව යටතේ හිරේ යන්න හැමෝටම චාන්ස් ලැබෙන්නෙ නෑ. අදත් හදිසි නීතියට ඔයාලගෙ අය චන්දෙ දුන්නා. මොනව කරන්නද ඒ අනුමත කරන නීතිය විසින්ම තමයි ඔයාලව අත්අඩංගුවට ගන්නෙ කියල ඔයාල දන්නව වුනත් කරන්න දෙයක් නෑ.මොනව කරන්නද අද 06 තව දවස 06 යිනෙ ඕක ඉදලම එන්න. අනික ඒක එයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. දවසක පාර්ලිමේන්තු යන්න. ඊට පස්සෙ හදිසියට පක්ෂව ජන්දෙ දෙන්න. ආයෙත් පාරක් මේ ක්‍රමයම තමයි. රට වෙනස් වෙන්නෙ නෑ. හැබැයි කරන්න පුලුවන් විදිහකුත් තියෙනවා.

    ReplyDelete
  3. මම JVP පාක්ශිකයෙක් නෙවේ.මන් උන්ට කොහමත් විරුද්ධයි.මම මහින්දගේ සහ රනිල්ගේ ඩිමොක්‍රටික් ක්‍රමයට තමයි ච්න්දය දෙන්නේ(දැන් නම් මහින්දගෙ පාලනය තිත්ත වෙලා ඉන්නේ). ඒත් මන් කියන්නේ කරපු දේ වැරදී. තමන්ගෙ මතය නොදරන කෙනෙක්ට හරි, වැරදි කරුවෙක්ට හරි නීතියට පටහැනිව මානව අයිතිවාසකම් කඩ වෙන විදියට තාඩන පීඩන හරි දඩුවම් හරි කරනව නම් ඒක අනුමත කරන්න එපා. මොකද, එකෙන් උපරිම අවස්ථා අරන් පව්ගලික පලි ගැනීම් හා මිනිස්සුන්ට නිකරුනේ තාඩන පීඩන කරන පෝලීසියකුයි, මිනිසුන්ගෙ නිදහස උපරිමයෙන්ම සීමා කරන රජයකුයි අද ඉන්නේ.ඔහම ගියාම කවදා හරි තමාව පව්ද්ගලික පලි ගැනීමකට හරි තාඩන පීඩනයකට හරි ලක් වුනාම තමයි ඔයාලට ඕක තේරෙන්න ගන්නේ

    ReplyDelete
  4. Prashan දැන් ඔයා පීඩනයකට ලක්වෙලාද, පලිගැනීමකට ලක්වෙලාද, එහෙම නම් ඔයාටත් තියෙන්නෙ උදුල් ට දුන්න උත්තරේම තමයි. ඔයාලගේ ඔය මතුරන එක ප්‍රජාත්‍රන්තවාදය නෙමේ. ඒක ඇතුලේ තමයි ලංකාවේ සේරම ජරා වැඩ කරන්නේ සහ කෙරෙන්නේ. ඔයා ජෙප්පන්ට විරුද්ධ ඇයි කියලා මම අහන්නෙ නෑ. හැබැයි ඔයා රනිල්ටයි මහින්දටයි එකපාර චන්දෙ දුන්න විදිහ නම් කියන්න ඕන.

    ReplyDelete
  5. අනීවර්යෙන්ම පීඩනයට ලක්වෙලා.මේ වගේ සිද්ධි එකක් දෙකක් නෙවේ අද වෙන්නේ. ඉතින් එහෙම් වෙද්දී මගේ නිදහස මට අවශ්ය පරිදි යොදා ගන්න බයක් තියෙනවා.ඔයා උදුල්ට දුන්න උත්තරේ, කවද හරි ඒවගේ දෙයක් ඔයාට වුන දවසට දෙන්න විදියක් නෑ.මොකද ඔයත් හදිසි නීතිය දානවට විරුද්ධ කෙනෙක් ඔයාගේ කතාවෙන් තේරෙන විදියට (මාත් විරුද්ධයි ).එහෙම දවසක් කවදාවත් උදා නොවෙයි කියලා හිතන් වගේ ඔයා කතා කරන්නේ. එහෙම කියලා එක දාන්න කැමති උන අයට එකෙන් අනිස් ලෙස දඩුවම් දෙන්න බෑ. ඒක හරි කියලා කියනවා නම් ඔයා නීති ගරුක පුද්ගලයෙක් නෙවේ.මන් නන් මුකුත් මතුරන් නෑ.එහෙම ඇහෙනවානන් ඔයාගේ කනේ දෝශයක් ඇති.මම ඩෙමොක්‍රටික් ක්‍රමයට කැමතියි කියන එකෙන්, මන් JVP එකට අකමැතියි කියලා තෙරුම් ගන්න ඔයාට බැරි විම කනගාටුයි.මහින්ද සහ රනිල් දෙන්නටම තියෙන්නෙ ඩිමොක්‍රටික් පක්ශ. ඒ දෙකෙන් වර්ථමානයට වඩා ගැලපෙන පක්ශයට තමයි මන් චන්දය දෙන්නේ.එක සැරේට 2නෙක්ට චන්දෙ දෙන කාතවක් නෙවේ කිවේ ඒ දෙන්නාගේ ඩෙමොක්‍රටික් පාලනයට චන්දෙ දෙනවා කියන එක.රටේ පව්තින තත්වය වෙනස් වෙනකොට 2නම ඩිමොක්‍රටික් වුනත් සුදුසු කෙනා වෙනස් වෙනවා.එනිසා අවස්ථාව අනුව සුදුසු කෙනාට චන්දය දෙනවා එක පක්ශයක් බාදා ගෙන ඉන්න අපේ මෝඩ වැඩිහිටි පරම්පරාව වගේ නැතිව.එකයි ඒ දෙන්නගෙ ඩිමොක්‍රටික් ක්‍රමයට චන්දය දෙනවා කිව්වෙ. 2කෙ පන්තියෙ පොඩි එකෙක් නන් මන් එහෙම කිව්වම ඔය වගේ ප්‍රශ්නයක් අහයි.ඒ ඇරෙන්න ඉතින් අහන්නේ ආසවට වරද්ද ගන්න අය. මට නන් හිතෙන්නේ ඔයාට හරි ඔයාගෙ මත දරන කෙනෙක්ට හරි මොකක් හරි උනොත් ඇරෙන්න, හිංසාවට විරුද්ධ වෙන කෙනෙක් නෙවේ ඔයා. එහෙම අය තමයි පොලීසී වලට බැදුනම මිනිස්සුන්ට හිංසා කරන්නේ.ලංකාව මෙච්චර දූශිත වෙලා තියෙන්නෙත් ඒවගේ අය නිසා තමයි.

    ReplyDelete
  6. If they do not release him publish it please.Posters are the best method for freedom of human expression.their posters are very attractive,but police need young blood always,use this web site to help people who need internet for their export goods and overseas training.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා