දුම්බොන්නන්ගෙන් එකතු කළ බදු මුදල් අධ්‍යාපනයට දෙනු!

(2009 අගෝස්තු 03 -W3Lanka) රජය මේ වසරේ මුල් මාස හය තුළ පමණක් දුම් බොන්නන්ගෙන් එකතු කර‍ගෙන තිබෙන බදු ආදායම රු. බිලියන 24ක් හෙවත් කෝටි 2400කි. මෙය ගිය අවුරුද්දේ මේ කාලයේ ලැබූ ආදායමට වඩා කෝටි 160ක වැඩිවීමකි.


රජයේ සුචරිතවාදී ප්‍රතිපත්ති අනුව මෙම මුදලින් ඇමතිවරුන්ට පඩි ගෙවීම, වාහනවලට තෙල් ගැසීම හා රජයේ වෙනත් කටයුතුවලට යොදාගැනීම සදාචාර විරෝධී ය. නිකමටවත් දුම්වැටියක්, මත්වතුර ටිකක් තොල නොගාන ඇමතිවරු මේ දුම් සල්ලිවලින් කනු ඇතැයි සිතාගැනීමටවත් බැරි බව මහජනතාව පවසති.


එහෙයින් මේ මුදල් අනාගත පරපුරේ බුද්ධිය වර්ධනය කිරීම පිණිස අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන ලෙස අපි යෝජනා කරමු.

Comments

  1. ඒ වගේම වටින වැඩක් සමාජයට අනුකුල ආකාරයෙන් කල්පැනපු ක්‍රම වෙනුවට අලුත් ක්‍රමවේද තුලින් දුම්පානය කරන්නන් මුදවිමේ කටයුතු සඳහා මේ මුදල්ම යොදවන්න පුලුවන්.

    ReplyDelete
  2. ඔය ඔක්කොටම ඉස්සෙල්ලා හොද නැද්ද ඔච්චර බදු ගෙවන අපට නිදහසේ වැදගත් විදියට ඕක බොන්න ක්‍රමයක් හදන එක.
    දැන් නිකන් මෙච්චර බදු ගෙවලත් කුඩු ගහනවා වගේ හැංගිලා තමයි බොන්න ඕනේ.

    ReplyDelete
  3. බොලේ... මෙක හරි හිනා යන කථාවක් නේ... මතට තිත් තියන ආණ්ඩුවක දුම්වැටි වලින් ලබන බදු මුදල අවුරුද්දකට කෝටි 160 කින් වැඩි වෙලා.. බුහාහාහාහා! හික් හික් හූ.. ටී‍වී එකේ කොටු දාන වැඩේ හරියන්නේ නැහැ වගේ.

    ReplyDelete
  4. මෙච්චර සේවයක් රටට කරන අපිට මේ රටේ මිනිස්සු සලකන විදිහ නම් අන්තිමයි

    ReplyDelete
  5. දුම්බොන එක නොබොන එක මිනිසුන්ගේ වැඩක් නිසා , දුම්බොන මිනිසුන්ට දුම්බීමේ හැකියාව සදහා ඉඩ ලබා දෙන්න ඕන.. මම නම් හිතන්නේ අපේ රටේ හිර ගෙවල් වලත් දුම්බීම සම්බන්ධව මීට වඩා නිදහසක් තියෙන බවයි. නැත්නම් දුම්බොන අය සංවිදානය වෙලා සතියක් දුම් නොබොන විරෝධතාවයක් කරන්න ඕන.. එතකොට ආණුඩ්ව හොම්බෙන් ්‍යන හැටි බලා ගන්න පුලුවන් වේවි. හැමදාම ජෝක් එකට වගේ මොනව හරි ලියන්න වෙනවා. එක්කෝ අපි ජෝක් නැත්නම් ආයෙත් අපි ජෝක්... වෙලාවකට අඩන්නත් හිතෙනවා...

    ReplyDelete
  6. මහින්දලා හැම වැඩේම කරන්නේ මිනිස්සුන්ගේ නිදහස ගොඩක් නැති වෙන විදියට. ඒත් එයාගේයි එයාගේ පිරිවරගෙයි නම් හැම බලු වැඩ කරන සීමවේ නිදහසක් නෑ. දැන් මෙයාලව ගෙදර යවලා මිනිස්සුන්ට නිදහස නැවත ලබා දෙන රජයක් පත් කර ගන්න කාලෙ හරී.

    ReplyDelete
  7. මම සිගරට් බොන්නෙ මෙන්න මේ වගේ ජාතියකට විරෝධය පාන්නයි. I will suicide...? yes why not...be cos i can't live with U all...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා