නන්දන ගුණතිලක "ලොකු ආශ්චර්යයන්" පෙන්නන්නට සැරසෙයි.

(2009 ජුලි 02 - W3Lanka) රු. කෝටි නවයකට ආසන්න මුදලක් වැය කරමින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද “Sri Lanka Small Miracle” හෙවත් "පුංචි ආශ්චර්යයක්" යන ප්‍රවර්ධන පාඨය හා ඒ හා බැඳුණු ප්‍රචාරක වැඩසටහන අතහැර දැමීමට නව සංචාරක ඇමති නන්දන ගුණතිලක තීරණය කර තිබේ. 


ලංකාව වෙනුවෙන් "පුංචි" ලෙස භාවිතා කිරීම මෙම නාස්තියට හේතු වී තිබේ. ලංකාව පුංචි යයි කීම ගැන උරණ වන නන්දන ගුණතිලකගේ අනුගාමිකයන් බලය බෙදීමට විරුද්ධ වන්නේ ලංකාව පුංචි රටක් ය යන පදනමේ සිටයි.


මෙම ප්‍රවර්ධන පාඨය හා ඒ හා සම්බන්ධ ප්‍රචාරක පෝස්ටර් හා පුස්තක ආදී ප්‍රචාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා ෆීනික්ස් ඔගිල්වි සමාගමට රු. කෝටි හතරක් ගෙවා ඇති අතර, මේ හා සම්බන්ධ වාර්තා චිත්‍රපටය නිර්මානය කිරීමට බොම්බායේ රෙඩ් අයිස් සමාගමට රු. කෝටි තුනක් පමණ ද මෙය දියත් කිරීම සඳහා රු. එක් කෝටි අසූ ලක්ෂයක් පමණ ද ගෙවා ඇත.



සාමාන්‍යයෙන් ධනවාදය මෙවැනි කාරණාවලදී ප්‍රචාරක සමාගම් යොදා ගන්නා අතර, එම සමාගම් මේ සඳහා භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබේ. මෙම කාර්යයම "සමාජවාදී" නන්දන ගුණතිලක කියන පරිදි ලංකාවේ උගතුන් කීපදෙනෙකු එකතු කර දින කීපයකින් කර ගත හැකිය. නන්දන ගුණතිලක ඉස්සර හිටපු පක්ෂයේ අය නම් මෙවැනි කටයුතු කරන්නේ ශ්‍රමදාන ආකාරයටයි. ධනවාදී අලෙවිකරණය හදාරා ඇති ගුණතිලකගේ මෙම අදහස්වලට හිනා වෙනවා ඇත්තේ අධෝමුඛයෙනි. 


ධනවාදී වෙළඳ ප්‍රචාරණය පුහු ආටෝප, සාටෝපවලින් පිරී ඇති බව සත්‍යයකි. එහෙත්, අපට තේරෙන පරිදි නම්, ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිටරට අලෙවිකරණය 'ආයුබෝ වේවා - මහරජා‍ණනේ' ගීතය නිර්මානය කරනවා වැනි දෙයක් නොවේ. 

අවසානයේදී මෙම කාර්යය නැවත වතාවක් අමුණුගමගේ දියණියගේ ප්‍රචාරක සමාගමට ලබා දී තවත් කෝටි කීපයක් වියදම් කරනවාට මොනවද ඔට්ටු?

Sri Lanka; Small Miracle වාර්තා වැඩසටහන මෙතැනින් පිවිස බලන්න

Comments

  1. නැහැ මේ පාර මේකට යන්නේ තේ කෝප්ප හත අටකට යන සල්ලි කියලා මේතුමා කියලා තිබ්බා

    http://www.lankaenews.com/Sinhala/news.php?id=9793

    ReplyDelete
  2. ඔවා මොනාද ඇමරිකාවේ බර්ත් ඩේ පාටි එකට ලකෂ ගාණාක් ගත්ත ඇමතියලා ඉන්න රටේ රට ලොකු කරන්න අමතර මුදලක් වැය උනාට අවුලක් නෑ.

    ReplyDelete
  3. මමනම් හිතන්නේ තේ කෝප්ප හත අටකට යන සල්ලිත් වඩියී. රුපියල් දෙකක රට කජු දීලා, වදුරන්ගේන් කොර ගන්න එක තවත් ලාබයී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා