සංස්කෘතික ඇමතිගේ වාහනයට මාසයක වියදම පුරාවස්තු මුරකරුවකුට දෙවසරක් පඩි ගෙවන්න ඇති

(2009 අගෝස්තු 21 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක භාවිත කරන මිට්‌ෂුබිෂී මොන්ටෙරෝ රථය වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් 210,440 ක්‌ ගෙවා මාසිකව රුපියල් 180,290 ක ඩීසල් ද ගසන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 


පසුගියදා නිදන් හොරුන් විසින් පුපුරවන ලද මිහින්තලේ මිහිඳු ගුහාවේ මහින්ද මහරහතන් වහන්සේ සැතපුණේ යයි විශ්වාස කෙරෙන ශෛලමය යහන මුර කිරිම සඳහා රු. 15,000 බැගින් පඩි ගෙවා මුරකරුවකු දෙවසරක් යෙදවීමට මේ මුදල සෑහේ.



එහෙත්, රටේ සංස්කෘතිය රැක ගැනීම සඳහා අලුත පත් කරනු ලැබූ මේ ඇමතිට තවම මාසයකට වඩා ඇවිදින්න ලැබුණේ නැත. හොඳින් ඇවිද සංස්කෘතියට කෙළ වී ඇති ආකාරය සොයා බලන්නේ නැතිව සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි ඇමතිට පක්ෂව තර්ක කරන මහජනතාව අසති.


 

Comments

  1. මුගේ මූනෙ කැත....අළුගුත්තේරුවෙක්

    ReplyDelete
  2. Ado ketha kata kiyanne epa... Me wage amathi uththamayo nisa thamai ada sigiriya ithuru wela thiyenne... Meyaala nithara awidde nethnam melahata sigiriyath kalugal walata wikunala... Anika ithin thani amathita puluwanda oya okkoma balaganna... Man kiyanne hodama wede thama thawa amathila 4-5k path karana eka.
    Anika bun meya sankruthiya balaaganna inne...puraawasthu balaaganna newei ne... ubata pau kiyala hithenne nethda.
    Man ahanne meka awurudu bara gaanak jeppanta kambura kambura dan yanthan minister wela thiyene eke uge fun eka ganna deepanko.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා