ත්‍රස්තවාදයට උදව් කළ බව දේශපාලකයන් කී දෙමළ වෛද්‍යවරු එහෙම නොකළ බව රහස් පොලිසිය කියයි

(2009 අගෝස්තු 25 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි රජයේ යුද මෙහෙයුම්වල අවසන් සමයේ යුද මුක්ත කලාපයේ රෝගීන්ට උවටැන් කරමින් සිදු වූ මරණ හා තුවාල වීම් පිළිබඳ සාක්කි ඇසින් දුටු කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ තංගවේලු සත්‍යමූර්ති, එළියන්චේලයි පල්ලිවන්, ක්‍රිෂ්ණරාජා වර්ධරාජා හා දේව කාන්ති පිල්ලෙයි ෂන්මුගනාදන් නමැති වෛද්‍යවරුන් ඇප මත මුදාහරින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ නියෝග කළේය. 

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ අවසන් කර ඇති බවත් ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවන හෙයින් තවදුරටත් ඔවුන් අවශ්‍ය නොවන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. 

මීට පෙර රජයේ විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් පැවසුවේ ඔවුන් කොටි සංවිධානයේ උවමනාව පරිදි මරණ හා තුවාල වීම් පිළිබඳ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බවයි. ඔවුන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම්වලට පවා රජය සවන් දුන්නේ නැත. 

පසුව රජය විසින් ජුලි 08 දින මෙම වෛද්‍යවරුන් රැඳවුම් භාරයෙන් පුවත්පත් සාකච්ඡාවකට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔවුන් කීවේ කොටි සංවිධානයේ උවමනාව පරිදි තමන් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපක් කළ බවයි. රජයේ හමුදා රෝහල්වලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට ඔවුන් කලින් කළ ඇතැම් ප්‍රකාශ ද බොරු බව කී ඔවුහු අවසන් ප්‍රහාරවලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 650ක් 750ක් අතර යයි කීහ. තමන් මෙම ප්‍රකාශ කරන්නේ රජයේ කිසිදු බලපෑමකින් තොරව බව ද ඔවුහු කීහ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා