හමුදා අතහැර ගොස් සිටින සෙබලුන්ට සේවයෙන් විශ්‍රාම යාමට අවස්ථාවක්; පශ්චාත් සිවිල් යුද සමයේ මිලිටරිහරණයේ සාධනීය පියවරක්

(2009 අගෝස්තු 02 -W3Lanka ) සන්නද්ධ හමුදා අතහැර ගොස් සිටින සෙබලුන්ට සේවයෙන් විශ්‍රාම යාමට අවස්ථාවක් දීමට රජය තීරණය කර ඇත. ලංකාවේ පශ්චාත් සිවිල් යුද සමයේ මිලිටරිහරණයේ සාධනීය පියවරක් ලෙස සැලකිය හැකියි.

සන්නද්ධ හමුදා සේවය අතහැර ගොස් සිටින සෙබළුන් 70,000ක් පමණ දිවයින පුරා සිටින බව වාර්තා වේ. මොවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට බාධා ඇති අතර, ඒ හේතුවෙන් ම ඇතැමෙක් නීති විරෝධී ක්‍රියාවලට පෙළඹෙති. 


දහස් ගණනක් සේවය අතහැර ගිය සෙබළු වි‍දේශ රැකියාවල යෙදී සිටින අතර ඔවුන්ට ද මෙම අවස්ථාව ලබා දිය යුතුය. 

මෙම සෙබලුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදු වීමද මෙම පියවර ගැනීමට එක් හේතුවක් බව දැනගන්නට තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා