තහනමෙන් පසු පොලිතින් භාවිතය වැඩි වෙලා

(අගෝස්තු 07, 2009 - W3Lanka) 2007දී රජය විසින් මයික්‍රෝන 20ට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීති ගෙන ඒමෙන් පසු භාවිතා වන සමස්ත පොලිතින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. 


රජයේ තහනම කෙසේ වෙතත්, මේ වන විට වෙළඳපොළේ තහනම් පොලිතින් නිෂ්පාදන නිදහසේ අලෙවි වන බව අප විසින් නිරීක්ෂණය කරන ලදී. 


තහනම පණවන ලද සමයේ ලංකාවේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තායතන 300ක් පමණ තිබූ බව ද දැන් එය දසගුණයකින් පමණ වැඩි වී ඇති බව ද පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම ආයතන අධීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් හෝ පහසුකම් අමාත්‍යංශයේ නැති බව ද දැනගන්නට තිබේ. 

පොලිතින් තහනම හඳුන්වා දෙන ලද සමයේ සිටි පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන පොලිතින් වෙනුවට විකල්ප ඇසුරුම් ද්‍රව්‍ය හදුන්වා දෙන බව කීව ද එය හුදු වාගාඩම්බරවලට සීමා විය. සම්ප්‍රදායිකව මැටි මුට්ටි භාවිතා කළ මී කිරි නිෂ්පාදකයන් වැනි අලුත් පිරිස් පවා දැන් දැන් ප්ලාස්ටික්, පොලිතින් භාවිතයට යොමු වෙමින් සිටිති. 

ජල සම්පාදනය, කෘත්‍රිම කාලගුණ තත්වයන් තුළ කෘෂිකර්මාන්තය, ලේ බැංකු, බෙහෙත් ඇසුරුම් ආදී දහසකුත් එකක් කටයුතුවලදී මානව වර්ගයාට අතිශය ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වූ පොලිතින් දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් එය වැරදි අන්දමින් භාවිතා කිරීම පරිසරයට හානිකර වේ.



ලංකාවේ පරිසර අමාත්‍යංශය අඩු තරමේ පොලිතින් බුද්ධිමත් අන්දමින් භාවිතා කරන ආකාරය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට හෝ උත්සාහ දැරිය යුතුය.




Comments

  1. That is not new for Sri Lanka, whatever the thing that banded in Sri Lanka would have doubled in usage according to history.
    TheGreenAsia

    ReplyDelete
  2. මෝඩ ජනතාවගේ මෝඩ බලය අරගත්ත මධ්‍යම පාන්තික දේශපාලඥයෝ හිතනවා. නීති දැමීමෙන් යමක් කල හැකි බව.. නමුත් මෙය කිසි විටෙකත් හරියන දෙයක් නොවේ. මේ මධ්‍යම පාන්තික සිහිනය තුල ලංකාව තව තවත් ආගාධයට යනවා. සිංහල බෙ!ද්ධ , පරිසර හිතකාමී, පරහිතකාමී , දෑ හිතකාමී දේවල් කරන්න පුලුවන් වේවි ඒ පන්තියේ විතරක් ඉදලා. රටක් කියන්නේ වෙනස් දෙයක්. ඒක නීතියක් හෝ නීති පද්ධතියක් හෝ නෙවෙයි. මධ්‍යම පාන්තික සිහින තිබූ පලියට ඒවා යතාර්ථයක් වෙන්නෙ නැහ. මේ ප්රාග්ධනයට මුහණ දෙන්න ඕන.. බොරුව නැතිව එලියට බහින්නත් ඕන.....

    ReplyDelete
  3. දැන් මේකම වැඩිහිටියනට පමනයි ච්ත්‍රපටි තහනමට එහෙම උනොත්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා