නිරෝෂා විරාජිනීට නම් දෙරණෙන් සිහින කුමාරයා හමු විය; අනෙක් මල්ලිලා නංගිලා හුගකට සොරි ය

(අගෝස්තු 18, 2009 - W3Lanka) යව්වනයේ සිහින හඹා යන තාරකා පෙළහරකැයි කියන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විනිශ්චයකාරියක වන නිරෝෂා විරාජිනීට තම සිහින කුමරා දෙරණෙන් ම හමු වී තිබේ. 


යසන්ත නාවුල්ලගේ නම් ‘දෙරණ’ රූපවාහිනි ආයතනයේ සැලැසුම් ප්‍රධානියා සමග ජුලි 29දා අතිනත ගත් නිරෝෂා දැන් අනාගතය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 


නිරෝෂා කලක් කැපවීමෙන් යුතුව ගායනයේ යෙදුණු සැබෑ කලාකාරියක වන අතර දැන් අපට ඇය දකින්නට ලැබෙන්නේ දෙරණ කැමරා ඉදිරියේ විනිශ්චයකාරවරියක ලෙස කරන රංගනයෙනි. 


ගී ගැයීමේ හැකියාව ඇති යව්වනයන්ට සිහින දකින්නට සලස්වා ඉඳහිට එකෙකු දෙන්නෙකු රජ කරවිම දැන් ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන කාර්යය වී තිබේ. ගී ගයන්නට බැරි තරුණ තරුණියන් සඳහා නැටීම, අනුකරණය ආදී ගොනුන්ට ඇන්දවීමේ තවත් ක්‍රම ද දැන් අත්හදා බලමින් තිබේ. මෙම වැඩසටහන්වල නිෂ්පාදන වියදම් ඉතා අඩු ය. ඇඳුම්, ප්‍රවාහනය හා ශිල්පීන්ගේ ගාස්තු වැනි වැඩසටහන් සඳහා යන වියදම්වලින් විශාල ප්‍රමාණයක් දරා ගන්නේ සිහින හඹා යන කුමර කුමරියන් විසිනි. නගරවල කටවුට් ගසමින්, තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට කියමින් මෙම වැඩසටහන් නොමිළේ ම මාකට් කිරීම ද සිහින කුමර කුමරියෝ ම කරති. යවන කෙටි පණිවුඩ සඳහා සාමාන්‍ය ගාස්තුවට වඩා විශාල මුදලක් අය කරගැනීමෙන් ද මාධ්‍ය ආයතන මුදල් ගරා ගනිති. 


එම ලාභයෙන් පංගුවක් මෙම ඊනියා විනිශ්චයකාර නළු නිළියන්ට ද ලැබේ. මෙම ඇතැම් විනිශ්චයකරුවන්ට නම් වෙන කරන්නට දෙයක් නැත. එහෙත්, නිරෝෂා විරාජිනී, රශ්මි සංගීතා වැනි සැබෑ දක්‍ෂයෝ ද මුදලට ගිජුකමින් මේ විනිශ්චයාසනවලට වහ වැටී සිටිති.


නිරෝෂා විසින් සැලසුම් කරමින් තිබෙන අනාගතයේ තරුණ කොල්ලන් කෙල්ලන් රවටන මේ ප්‍රෝඩාවලින් ගැලවෙන හැටියක් ද තිබේවා යි ප්‍රාර්ථනා කරමින් අපි ඇයට සුබ පතමු.

Comments

  1. පව්නේ ඉතිං.. එයාලගෙත් ආසවනේ.....

    ReplyDelete
  2. නිරෝෂා ගේ ආතල් එක කඩන්න එපා. එයාට අවුරුදු 2 ක් වත් ඒකෙ ඉන්න දෙන්න

    ReplyDelete
  3. aneda kiyanne... anunge aathal kadanna epa bun..pau

    ReplyDelete
  4. ආහ් බලන් ගියාම මෙවා නිස ගොඩ යන අයත් ඉන්නවනේ...ඉතින් ළ්මයිනේ ඕවට මොකුත් කියන්න එපා.කාට කාටත් හරි යනවා නම් කොච්චර ශෝක්ද?

    ReplyDelete
  5. ආහ් බලන් ගියාම මෙවා නිස ගොඩ යන අයත් ඉන්නවනේ...ඉතින් ළ්මයිනේ ඕවට මොකුත් කියන්න එපා.කාට කාටත් හරි යනවා නම් කොච්චර ශෝක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා