විවාහ වයස අඩු කරන බවට සහකාර සොලිසිටර් ජනරාල් කීවේ බොරු - අමුණුගම

(අගෝස්තු 16, 2009 - W3Lanka) විවාහ වීමේ අඩුම වයස 18 ට වඩා අඩු කිරීමේ කිසිම තීරණයක් රජය ගෙන නැතැයි ද එවැනි වයස අඩු කිරීමක් පිළිබඳ ව ජනමාධ්‍යවලින් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවද විවාහ පිළිබඳ බලයලත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව භාර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති සරත් අමුණුගම මහතානිවේදනය කරයි.


මෙවැනි වයස් අඩුකිරීමේ තීරණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී නැති බවද අඩු වයසින් විවාහ වුවහොත් ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.


ලංකාවේ විවාහ විය හැකි වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට රජය නීති සංශෝධන ගෙන එනු ඇති බව අගෝස්තු 10දා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණු  ළමුන් සුරැකීම සඳහා වූ ජාතික ජනමාධ්‍ය සන්ධානයේදී පැවසුවේ සහකාර සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය. ඔහු වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුව අයිති අධිකරණ අමාත්‍යංශයටයි.
(මෙහි ඇති රූපය ඉන්දියාවේ ළමා විවාහයකට සම්බන්ධ එකකි.)

Comments

  1. පාලිත ප්‍රනාන්දු සහකාර සොලිසිටර් ජෙනරාල් තුමා විසින් සභාව විනෝදමත් කිරීමට ඔවැනි දේ පවසන බවත්, ඒවා නිල ප්‍රකාශ නොවන බවත් හොදාකාරවම දන්නා ජනමද්‍ය වේදියකු මෙය පත්තුකර ඇත.

    ReplyDelete
  2. සභාව විනෝදමත් කිරීම සදහා බම්මන්නෝ සහ ජෝකර් ලා (නහය උඩ බෝලයක් තියාගෙන දිග තොප්පියක් දාගෙන ) සිටිති. මෙවැනි අය අවශ්‍ය නම් නාට්‍ය කණ්ඩායමකින් හෝ කෝලම් කන්ඩායමකින් සොයාගත හැකිය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පඩි ගෙවා මෙවැනි අය නඩත්තු කිරීම අවශ්‍ය වන්නේ නැත. ගොවි දන මනා වූ හිමිව යුතුමය සේම ගම් බිම්... යවන්න.. යවන්න.. අදාල තැන්වලට..

    ReplyDelete
  3. ලංකාවේ වැඩිහිටි අනුදැනුම යටතේ විවාහ වීමේ වයස්සීමාව වුනේ 16 තමයී කලකට ඉස්සෙල්ල. ඒ කියන්නේ ජීඇල් පීරිස් උන්දෑ පල්ලියේ සම්මත නීතිරීති වලට අනුව අපේ නීති පද්දතිය වෙනස් කොරන්න කලින්. (ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල 14 දක්වා අඩු සීමාවක් තියෙනවා.)

    මහත්මා ගාන්දි කසාද බැන්දේ අවුරුදු 14 කාන්තාවක්. පලමු කොලුවා බේබද්දෙක් උනු බව ඇත්ත. නමුත් අබ්බගාතයෙක් නොවෙයී. යසෝදරා දේවිය විවාහ වුනේ 16යේදි. මට මතක හැටියට මහාමායා දේවීයත් නවතුරුනු වයසේදී දමයී සිද්දාර්ත කුමාරයා ලැබුනේ. මරියාතුමීට අවුරුදු 14යී පලවෙනි දරු උපතේදී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා