ගෝල්ඩන් කී තැන්පත්කරුවෙක් ගෙල වැල ලා ගෙන සිය දිවි නසා ගනියි

(අගෝස්තු 12, 2009 - W3Lanka) ලංකාවේ මුල්‍ය ධනවාදයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විෂාදය නම් මානසික තත්වයට ගොදුරු වී සිටියේ යයි අනුමාන කෙරෙන පුද්ගලයෙක් ඊයේ ගෙල වැල ලාගෙන සිය දිවි හානි කර ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 


වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක බද්ධ නිවසක හුදකලාව ජීවත් වූ බව කියන මෙම 52 හැවිරිදි පුද්ගලයා අසාර්ථක වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මාධ්‍යවලට හෙළිදරව් නොවූ විශාල මුදලක් තැන්පත් කළ අයෙකි. රැකියාවක් නොකළ ඔහු ජීවනෝපාය සලසාගෙන ඇත්තේ මෙබඳු ආයෝජනවලින් බව ද සිය මුදල් අහිමි වීම පිළිබඳ ඔහු තද සිතු තැවුලකින් පසු වූ බව ද පවුලේ අය පවසති. 

ප්‍රමුඛ බැංකුව, ගෝල්ඩන් කී, සක්විති රණසිංහ, දඬුවම් මුදලාලි වැනි කුප්‍රකට මුල්‍ය වංචා හේතුවෙන් මුදල් අහිමි වූ පුද්ගලයෝ ගණනාවක් ම මේ වන විට සිත් තැවුලට පත්ව දිවි තොර කරගෙන ඇත.ඉක්මණින් හා පහසුවෙන් ලාභ ඉපැයිය හැකි අදායම් මාර්ග ලෙස සලකා මෙබඳු ආයතනවල මුදල් ආයෝජනය කිරීමට ජනතාව පෙළඹුණ අතර, එම මුදල් ඩැහැගත් ප්‍රමුඛ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් පෙරේරා, සක්විති රණසිංහ හා සෙලින්කෝ අධ්‍යක්ෂිකා සිසිලියා කොතලාවල (ලලිත් කොතලාවලගේ බිරිඳ) වැනි අය විදේශ රටවලට පළා ගොස් දඬුවම් විඳීමෙන් බේරී සිටිති. 



පසුගියදා රජය කොටි සංවිධානයේ නායක කේ.පී. අල්ලාගෙන ලංකාවට ගෙන ආ ආකාරයෙන් ප්‍රදර්ශනය කළේ ලංකාවට උවමනා නම් මෙවැනි පුද්ගලයන් අල්ලාගැනීමට හැකි බවයි. එසේ නම් මෙබඳු මුල්‍ය වංචනිකයන් සම්බන්ධයෙන් තිබෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජයට උවමනාවක් නැතිකම බව පෙනේ. ඔවුන් අත්අඩංගුවට ගතහොත් ඔවුන් සමග කුඩු කෑ කට්ටිය හෙළිදරව් වීමට ඇති ඉඩකඩ ද මෙම තත්වය ඇති කිරීමට හේතු වී ඇති බව පෙනේ.

Comments

  1. කතාව තිත්ත වුනත් ඇත්තයි

    ReplyDelete
  2. mama galden key computer institute eke course ekak kara.ekatath magade kelauna

    ReplyDelete
  3. ඉක්මන් කොටයි කියනවනේ මේවා කාට කාටත් හොද පාඩම්

    ReplyDelete
  4. ලලිත් කොතලාවලට හීන් හිනාවක් යන්න ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා