කොටි රටින් පිට ප්‍රතිසංවිධානය වෙති; පාරජාතික ආණ්ඩුවට ඡන්ද 2010 අප්‍රේල්

(2009 අගෝස්තු 04 - W3Lanka) දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ප්‍රති සංවිධානය වෙමින් තිබෙන බව වාර්තා වේ. කොටි සංවිධානයේ නව නායකයා ලෙස පත් වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. ප්‍රතිවිරෝධතා සමනය කර ගනිමින් අභ්‍යන්තරව බලය තහවුරු කර ගනිමින් සිටින බව ද, ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන කොටි සංවිධානයට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලබා දීමට උත්සාහ ගනිමින් සිටින බව ද වාර්තා වේ.


මෙහි ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ පාර ජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොටි සංවිධානය දරණ උත්සාහයයි. සත්කාරක රාජ්‍යයකින් තොරව රටින් පිට ආණ්ඩුවක් පිහිටුවන නව සංකල්පයක් වන මෙය සඳහා දෙමළ විදෙස්ගත ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ වන විට ප්‍රබල උත්සාහයක් දරමින් සිටින අතර, අදාළ මැතිවරණ 2010 අප්‍රේල් මස පැවැත්වීමට අදහස් කර ඇති බව එම කාර්යය පැවරී තිබෙන කොටි සංවිධානයේ නීති උපදේශක විසුවනාදන් රුද්‍රකුමාරන් ඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ නවතම කලාපය සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. රුද්‍රකුමාරන් යාපනයේ හිටපු පුරපතිවරයකුගේ පුත්‍රයකු වන ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි. ඔහු මීට පෙර සාම සාකච්ඡාවලදී කොටි සංවිධානය නියෝජනය කළේය.


කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් පුරා ප්‍රචණ්ඩ සටන්කාමී සංවිධානයක් ලෙස පැවති එල්.ටී.ටී.ඊ.යට ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය තමන් කණපිට ගසා ගන්නවා සේ දුෂ්කර කාර්යයක් වී ඇති බව ද වාර්තා වේ.


මේ අතර, කොටි සංවිධානයේ නව නායකයා වූ කේ. පී. සහ විදෙස්ගත ප්‍රජාවේ කටයුතු පිළිබඳ නායක කැස්ත්‍රෝ අතර පැවති විරසකය සමනය කිරීම සඳහා දැනට නිවාඩු මත් විදෙස්ගත වී සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් මැදිහත් වීම ලංකාවේ බුද්ධි අංශවල අවධානයට ලක් වී ඇති බව ද වාර්තා වේ.

Comments

  1. මේ කොටි සංවිධානයට දෙමළ මිනිසුන්ගේ ගැටළුවට පිලිතුරක් ලබාදිය නොහැකි බවයි හැගෙන්නේ.. දැන් කරන්න හදන්නෙ නම් විකාරයක්.. ඒක හරියට ආණ්ඩුව මේකට උත්තර දෙන්න හදනව වගේම විකාරයක්...

    ReplyDelete
  2. සංජීව ඒකට මම එකඟයි. ඒ එක්කම මේක ගැන කැනේඩියානු ලංකා නාතාපති හොඳට ‍දොයි කකුල් මේස උඩ දාගෙන!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා