අපට කියාදෙන්න දයාන් .... ඉතින් කතාකරන්න

Dayan Jayathilaka

(2009 ජුලි 22 - W3Lanka) ඔහු දක්ෂ විද්‍යාර්ථියෙකි. මාක්ස්වාදී පසුබිමක් සහිත දේශපාලන ක්‍රියාධරයෙකි.


විකල්ප කණ්ඩායම නම් රැඩිකල් වාම සංවිධානයක සාමාජික‍යකු ලෙස තරුණ වියේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට ද ලක් වූ හේ පසුව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වර්ධරාජා පෙරුමාල්ගේ ප්‍රධාන අමාත්‍ය ධුරය යටතේ 1988දී පිහිටුවනු ලැබූ උතුරු-නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය පදවියක් ද හෙබවීය. මෙම පළාත් සභාව විසින් 1990දී ලංකාවේ උතුරු-නැ‍ඟෙනහිර ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී.


පසුකලෙක ඔහු තම දේශපාලන භූමිකාව තෝරා ගත්තේ රාජ්‍ය නායකයන්ට උපදෙස් දීම ආශ්‍රිතව ය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනරාල් කොබ්බෑකඩුවගේ අවමංගල්‍යය දිනයේ ගුටි කෑමට ද ඔහුට සිදු විය.


උග්‍ර කොටි විරෝධියෙකු වූ දයාන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති භංග කිරීම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීමේදී සිංහල ජාතිකවාදීන්ට ඉතා වටිනා උපකරණයක් විය.


පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ඉන්දියාව සමග ලංකාවේ සම්බන්ධයේදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් සාධකයක් වන්නේ ය යන ස්ථාවරයේ හිඳිමින් ඔහු 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතවාදී අරගළයට මැදිහත් විය.


පශ්චාත් එල්.ටී.ටී.ඊ. ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනයාගේ යුක්තියුක්ත හිමිකම්වලට ගරු කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. එහෙත් සිංහල රාජ්‍ය ආධිපත්‍යවාදය ඔහුට වඩා බෙහෙවින් විශාල ය. ඒ නිසා දැන් ඔහුට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස කළ රැකියාව අහිමි වී ගොසිනි.


ඔහුගේ ඉරණම විසින් සංකේතවත් කරනු ලබන්නේ පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ලාංකීය දේශපාලනයේ කුමන යථාර්ථයක්ද යන්න ආචාර්ය දයාන් ජයතිලක සිය විචිත්‍ර විශ්ලේෂණ හරහා දැන් අපට කියා දිය යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා