මොරගොඩ සංචාරක ඇමතිකමින් අධිකරණයට;

(2009 ජුලි 02) සංචාරක ඇමති වශයෙන් මෙතෙක් කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතා අද දින අධිකරණ ඇමති වශයෙන් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.


නව සංචාරක ඇමති ලෙස ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක මන්ත්‍රීවරයා අද දිවුරුම් දෙයි.


එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී රජයට එක් වූ මිලින්ද මොරගොඩ ඇමතිවරයා 2001-2004 වකවානුවේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි විවේචනයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු (කෝප්) වාර්තාවේ සඳහන් වේ.


දූෂිත ගනුදෙනු ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු රජයට පවරා ගැනීමට නියම කරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලංකා මැරීන් සර්විසස් ආයතන පෞද්ගලීකරණය වූයේ මිලින්ද මොරගොඩ ඇමතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ තිබුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂම (පර්ක්) යටතේයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා